ඩෙනිම් අඳින නංගිලාට, ඩෙනිම් අඳින මල්ලිලාට අහන් ඉන්න රස ප්‍රවෘත්තියක්....
ඩෙනිම
තරම් අපේ ජීවිතේට fit වුණ තවත් ඇඳුමක් නැති තරම්. බාල, තරුණ, ගැහැණු,
පිරිමි විතරක් නෙවෙයි , ජාති , කුල, ආගම් වගේ කිසිම බේදයක් නැතිව, කා අතරත්
ජනප්‍රිය ඇඳුමක් විදිහට ඩෙනිම හඳුන්වන්න පුළුවන්. ඕනෑම විදිහේ කෙනෙකුගේ
හිතට වදින ඇඳුමක් වෙන්න ඩෙනිමට, විශේෂයෙන් ම ඩෙනිම් කලිසමට තියෙන්නේ පුදුම
හැකියාවක්. ඩෙනිම් කලිසමක් නැති අල්මාරියක් කියන්නේ ඇත්තටම පරිප්පු නැති
හෝටලයක් වගේ තැනක්.
ඩෙනිම
අපේ එදිනෙදා ජීවිතේට මෙච්චර ළං වුණත්, බොහෝ දෙනා ඩෙනිම ගැන නොදන්න කරුණු
ගොඩක් තියෙනවා. ඒ දේවල් දැනගන්න අපි කතා කළා, තරුණ Fashion Designer කෙනෙක්
වන රොෂාන් ඉන්ද්‍රජිත් ට. රොෂාන් මුලින් ම පැහැදිලි කළේ ඩෙනිම් කලිසමක්
තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැනයි.
මුලින්
ම බලන්න ඕනේ තමුන් කැමති මොන විදිහේ ඩෙනිම්ස් අඳින්නද කියලයි. කෙනෙක්
Baggy ඩෙනිම්ස් වලට, තවත් කෙනෙක් ශරීරයට හිර වුණ ඩෙනිමකට කැමති වෙන්න
පුළුවන්. ඒ අඳින විදිහ ඇත්තටම තමුන්ගේ ශරීරයේ ස්වරූපයට ගැළපෙනවද කියලත්
බැලිය යුතුමයි. උදාහරණයක් විදිහට ශරීරය තරබාරු කෙනෙක් නම් ඇඟට හිර වුණු
ඩෙනිම්ස් එයාට ගැළපෙන්නේ නැහැ.
ඩෙනිම්ස්
එක එක පාටින්, select කරගන්න අවස්ථාව අපට දැං තියෙනවා. ඒත් අපි අපේ Skin
colour එකට ගැලපෙන colours තෝරා ගන්න try කරන්න ඕනේ. මෙතනදි තවත් දෙයක් මතක
තියා ගන්න. ඩෙනිම කියන්නේ ඕනෑම colour එකක් එක්ක අඳින්න පුළුවන් කලිසමක්. ඒ
නිසා Top එකක Colours එක්ක match කරනවට වඩා, තමුන්ගේ Skin colour එකට
match කරලා ඩෙනිමක් තෝරා ගැනීම තමයි වඩාත් සුදුසු. වෙළඳ පොලේ තියෙන ඩෙනිමක්
ගෙදර ගෙනත් wash කලාම පාට වෙනස් වෙන්න පුළුවන් නිසා wash කරපු ඩෙනිම් එකක්
මිළදී ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
ඒ
වගේම දැං කාළේ වෙළඳ පොලේ සරල Basic, plain ඩෙනිම්ස් වගේ ම විවිධ මෝස්තර,
රූප රටා, තියෙන ඩෙනිම්ස් ද දැක ගන්න පුළුවන්. Plain හෝ Basic ඩෙනිම් එකක්
ඕනෑම තැනකට අඳින්න වගේ ම top එක යට කරලා අඳින්නත් සුදුසුයි. ඒත් එක එක
විදිහේ designs දාපු ඩෙනිම් එකක් අඳින්න පුළුවන් තැන් වගේ ම අවස්ථා ත් සීමා
වෙනවා.
ඩෙනිමක්
මිළදී ගන්නකොට අනිවාර්යයෙන් ම fit-on කරලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේ ම
ඩෙනිම් කලිසම අඳින්නේ waist එකටද hip එකටද කියලත් සැලකිලිමත් වෙන්න. මොන
තරම් fit-on කරලා බැලුවත් ඔයා මිළ දී ගන්න ඩෙනිම් එක ඔයාගේ ශරීරයට හරියට ම
fit වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඩෙනිම් කලිසමක කකුල් දිග වීම සාමාන්‍ය
දෙයක්. ඒ වගේ වෙලාවට වැඩි කොටස උඩට නවා ඇඳීමට තමයි බොහෝ දෙනා පුරුදු වෙලා
ඉන්නේ. ඒත් වඩාත් සුදුසු ම දේ තමයි වැඩි කොටස කපලා ඉවත් කර, වාටිය මසා
ඇඳීම. ඩෙනිම් කලිසමක් කුඩා හෝ විශාල කරන කොට එය කරන්නත් විශේෂ ක්‍රමයක්
තියෙනවා. ඩෙනිම් එකකට කරන ඕනෑම වෙනසක් සඳහා පාවිච්චි කරන්න ඕනේ තනි මැස්මක්
තියෙන තැන් විතරයි.
මේ විදිහට ඩෙනිම් එකක් තෝරා ගෙන අඳින්න පුළුවන් නම් ඔයා වෙනදාටත් වඩා smart විදිහට පෙනෙයි.
No comments:
Post a Comment
ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්