Pages

Wednesday, January 11, 2012

►► 9/11 ප්‍රහාරයේ ඇත්ත කතාව කුමක්‌ද?◄◄



වසර 2001 දී නිව්යෝර්ක්‌ නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල කෙරුණ ප්‍රහාරය පිළිබඳව නිපදවුණු වඩාත් ජනප්‍රිය වාර්තා චිත්‍රපටය වන්නේ ෆැරන්හයිට්‌ 9/11 ය. මේ චිත්‍රපටය මගින් බුෂ් පාලනය ඉතා දැඩි ලෙස විවේචනය කරන ලදී. නිව්යෝර්ක්‌ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට ගුවන් යානා 2 ක්‌ කඩාවදින අවස්‌ථාවේදී ජනාධිපති බුෂ් සිටියේ ධවල මන්දිරය පිහිටි වොෂිංටන් ඩී. ඩී. නගරයෙන් පිටත ගම්බද පාසලකය. මේ පාසලේ පන්ති කාමරයකට වී බාලාංශ පන්තියේ ළමයින් සමග ඔහු සාකච්ඡා කළේය. මේ අතර මගී ගුවන් යානා දෙකක්‌ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථාන ගොඩනැඟිලි දෙක හිල් කළ බවත් අනතුරුව හටගත් පිපිරීමෙන් පසු ගොඩනැඟිලි දෙකම කඩා වැටුන බවත් බුෂ්ගේ ආධාරකරුවෙක්‌ ඔහුගේ කණට කර කීවේය. බුෂ් ස්‌වල්පයක්‌වත් කලබල වුණේ නැත. ඔහු කල්තියාම සිදුවන බවට තමන් දත් සිදුවීමක්‌ පිළිබඳව පණිවුඩයක්‌ ලැබුණ කෙනකු හැසිරෙන පරිද්දෙන් තවත් ස්‌වල්ප වේලාවක්‌ පන්ති කාමරයේ ගත කර දරුවන්ගෙන් සමුගෙන නික්‌ම ගියේය.

ඒ අතර පුවත්පත් වාර්තාකරුවෙක්‌ මේ සිද්ධිය තම වීඩියෝ කැමරාවට නගාගෙන තිබිණ. ෆැරන්හයිට්‌ 9/11 අධ්‍යක්‍ෂ මයිකල් මුවර් එම රූප පෙළ ලබාගෙන සිය චිත්‍රපටයට එකතු කර තිබිණ. පසු කාලයේදී බුෂ්ගේ මෙම හැසිරීම බොහෝ දෙනාගේ සැකයට හේතු විය. තම රටට මේ මට්‌ටමේ විශාල ජාතික විපතක්‌ සිදුවන විට ඇමරිකන් ජනාධිපති මෙතරම් සැහැල්ලු ලෙස හැසිරුණේ ඇයි? මෙය ඔහුගේ අනුදැනුම ඇතිව ඉස්‌ලාම් ලෝකයට විරුද්ධව යුද්ධයක්‌ පටන් ගැනීම සඳහා සැලසුම් කළ ප්‍රහාරයක්‌ද? බුෂ් zත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය යන මාතෘකාව යටතේ ඉරාකය හා ඇෆ්ගනිස්‌තානයට බෝම්බ දැමීමට මුල් කර ගත්තේ 9/11 ප්‍රහාරයයි. ඇමරිකන් ආණ්‌ඩුව ප්‍රහාරයේ වගකීම අල්ඛයිඩා සංවිධානය පිට පවරා ඇෆ්ගනිස්‌තානය හා ඉරාකය කුඩු පට්‌ටම් කරන්නට පටන් ගත්තේය. අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාදින් තම වෘත්තීය ජීවිතය පටන් ගන්නේ ඇෆ්ගනිස්‌තානයේ සෝවියට්‌ පාලකයන්ට පහර දීම සඳහා කුලී හේවායන් සපයන්නකු ලෙසය. ඒ සඳහා ඇමරිකාව ඔහුට මුදල් ගෙව්වේය. බින් ලාදින් පවුලේ සියලු වත්කම් තිබුණේ ඇමරිකාවේය. ඔහු ඇමරිකන් ඉත්තෙකි. බුෂ්ගේ සැලසුමට අනුව පැත්තක සිsටි අල්ඛයිඩා සංවිධානයටද ත්‍රස්‌තවාදී ලෝකය තුළ තැනක්‌ ලැබුණු බව සමහරුන්ගේ මතයයි. වචනයක්‌වත් කතා කරන්නට ඉඩ නොදී බින් ලාදින් මරණ ලද්දේ ද ඇත්ත හෙළිවනු ඇතැයි යන භීතිය ඇමරිකන් ආණ්‌ඩුව තුළ තිබීම නිසා බව තව සමහරුන්ගේ මතයයි. කෙසේ වෙතත් පැරන්හයිsට්‌ 9/11 චිත්‍රපටය පෙන්වීමට ගිය මයිකල් මුවර් මහත් ඇබැද්දිවලට මුහුණපෑවේය. ඔහුගේ චිත්‍රපටය බෙදා හැරීමට භාරගත් සමාගම අවසන් මොහොතේදී එය බෙදා හැරීම නවත්වා දැමුවේය.

මීට මාස කිහිපයකට පෙර ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනෙජාඩ් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේදී දැඩි ලෙස ඇමරිකාව විවේචනය කළේය. එවිට ඇමරිකන් නියෝජිතයෝ සමුළු ශාලාවෙන් නැඟිට ගියහ. පසුව පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වූ අහමඩිනෙජාඩ් කියා හිටියේ තමන් වරලත් ඉංජිනේරුවකු බවත් ගුවන් යානා දෙකක්‌ හැපුණු පමණින් යෝධ ගොඩනැඟිලි දෙකක්‌ අත්තිවාරම දක්‌වාම කඩා නොවැටෙන බවත්ය. ගොඩනැගිලි කඩා වැටුණේ වෙනත් ක්‍රමවේදයකට බවද ඔහු කීවේය. මේ කියමනේ යටි අදහස වූයේ අල්ඛයිඩාවට සම්බන්ධ නැති පිරිසක්‌ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය පුපුරුවන ලද බවය. එහෙත් ගොඩනැගිලි දෙක සමතලා කිරීමෙහි තනි වගකීම භාරගෙන සිටි අල්ඛයිඩා සංවිධානය එය තමන්ම කළ බවට ප්‍රකාශයක්‌ නිකුත් කළේය. මෙවිට ඉරාන ජනාධිපති කට පියාගෙන නිහඬ විය.

නිව්යෝර්ක්‌ ප්‍රහාරයට සමගාමීව අල්ඛයිඩා සංවිධානය ඇමරිකන් යුද අධිකාරිය හෙවත් පෙන්ටගන් ගොඩනැඟිල්ලටද ගුවන් යානයක්‌ කඩා පාත් කළේය. පසුව ගුවන් යානයක සුන්බුන් හමු වුවද සමහරුන්ගේ මතය වන්නේ ගුවන් යානය කඩාවැටීමෙන් පෙන්ටගන් ගොඩනැඟිල්ලට සිදුවී යෑයි කියන හානිය ගුවන් යානාවකින් නොව මිසයිල ප්‍රහාරයකින් සිදුවූ බවය. 9/11 ප්‍රහාරය අල්ඛයිඩා ප්‍රහාරයක්‌ ලෙස සමහරුන් පිළිගන්නේ එය සිදු වී මුල් පැය 6 තුළ පමණි. ඉන්පසු වෙබ් අඩවි හරහා හුවමාරු වූ ඊමේල් දහස්‌ ගණනකින් කියෑවුණේ මෙය ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ වැඩක්‌ බවය. එයට හේතුව ලෙස ඔවුන් දක්‌වා තිබුණේ ප්‍රහාරයෙන් එකම යුදෙව්වෙක්‌වත් මිය නොයැමය.

ඇස්‌පනාපිටම සිදුවූ දෙයක්‌, බලධාරීන් විසින් එය සිදුවූ ආකාරය හැටියට ප්‍රකාශ කරන දෙය නොව වෙනත් දෙයක්‌ බව කීම හඳුන්වන්නේ Conspiracy theo rie හෙවත් සංවිධානාත්මක කුමන්ත්‍රණ න්‍යායයන් ලෙසය. මෙය "විකල්ප අදහසක්‌" ලෙසද දැක්‌විය හැකිය. බින්ලාදීන් මළේ මේ වසරේ මැයි මාසයේ නොව වසර 2010 දී ඇදුම රෝගය උත්සන්න වීමෙන් බව පිළිගන්නෝ සිටිති. එසේම හිට්‌ලර් මළේ 1945 දෙවන ලෝක යුද්ධ කාලයේදී නොව 1962 බවද පිළිගන්නෝ සිටිති. මයිකල් ජැක්‌සන් නොමළ බවට ඔප්පු නොකළ මතයක්‌ පවතී. දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාවේ පර්ල්වරායට ජපනුන් බෝම්බ දැමූහ. එමගින් මිනිස්‌ ජීවිත හා නැව් විශාල වශයෙන් විනාශ විය. මේ ප්‍රහාරය එල්ල වීමට කලින්ම ඇමරිකාව එය දැන සිටි බවත් කිසියම් "රහස්‌" හේතුවක්‌ නිසා ප්‍රහාරය නොවැළැක්‌වූ බවත් පිළිගන්නා අය ඇත.

9/11 ප්‍රහාරය "ඇමරිකන් ගැටයක්‌" බව මුලින්ම ප්‍රකාශ කළේ ප්‍රංශයේ ලමොන්ඩ් පුවත්පතය. මාස 6 ක්‌ ගතවන විට මෙය නව සහශ්‍රයේ විශාලතම මගඩිය බව කියමින් ජර්මනිය තුළ පොත් දෙකක්‌ ප්‍රකාශයට පත් විය. වසර 2004 සහ 2006 ඇමරිකාව තුළ මෙකී "කුමන්ත්‍රණ කතාව" කොතරම් තදින් පැතිර ගියේද යත් එය අල්ඛයිඩාව කළ වැඩක්‌ බවට උත්තර බඳින්නටත්, ඇමරිකානු ඉදිකිරීම් තත්ත්ව තාක්‍ෂණ ආයතනය මගින් පරීක්‍ෂණයක්‌ කරවා ලෝක වෙළෙඳ ගොඩනැගිලි දෙක ගුවන් යානා දෙකක්‌ ගැටීමෙන් පමණක්‌ම කඩා වැටුණු බවට සහතිකයක්‌ ප්‍රසිද්ධ කරන්නටත් ඇමරිකානු ආණ්‌ඩුවට සිදු විය. "කුමන්ත්‍රණ තියරිය" ගැන සැක කරන වැඩිදෙනා ප්‍රශ්න කළේ ලෝක වෙළෙඳ ගොඩනැඟිලිවල ඉහළ කොටස්‌ දෙකෙහි ගුවන් යානා ගැටුණු පසු බිම්මහල දක්‌වා වූ සියලු තට්‌ටු ක්‍රමානුකූලව එකින් එක ගොඩනැඟිලි දෙක ඇතුළටම කඩා වැටුණේ කෙසේද යන්නය. (මෙය ඒ ආකාරයෙන්ම සිදුවූ හැටි රූපවාහිනි මගින් ලොව පුරා පෙන්වන ලදී.) කුමන්ත්‍රණ තියරි කාරයන් කියන්නේ ලෝක වෙළෙඳ ගොඩනැගිලි දෙක තුළ කල් තබා සවි කෙරුණ පුපුරණ ද්‍රව්‍ය ක්‍රමානුකූලව පුපුරුවා වටේ පිහිටි අනෙක්‌ ගොඩනැගිලිවලට හානියක්‌ නොවන පරිදි වැඩේ ඉවරයක්‌ කළ බවය.

වසර 2008 දී රටවල් 15 කදී කළ සමීක්‍ෂණයකින්a හෙළි වූයේ 9/11 ප්‍රහාරය අල් ඛයිඩාව කළ බවට 46% ක්‌ පිළිගන්නා බවය. 15% ක්‌ කියා සිටියේ මෙයට ඇමරිකන් ආණ්‌ඩුව වග කිව යුතු බවය. 7% ක අදහස වූයේ මෙය ඊශ්‍රායලයේ වැඩක්‌ බවය. තවත් 7% ක කල්පනාව වූයේ අල්ඛයිඩාව නොවන වෙනත් කණ්‌ඩායමක්‌ මෙය කළ බවය.

9/11 ප්‍රහාරය ක්‍රම දෙකකට සිදුවූ බවට විශ්වාස කරන්නෝ වෙති. පළමු ක්‍රමය වන්නේ ඇමරිකන් ආණ්‌ඩුවේ ප්‍රධානින් කිහිපදෙනකු මෙය සිදුවන බව දැන දැනම සිද්ධ වීමට ඉඩදී බලා සිටි බවය. දෙවැනි ක්‍රමය වන්නේ මෙය ඇමරිකන් ආණ්‌ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනකු විසින් සැළසුම් කළ බවත් එය සිදු කරන තැනට අල්ඛයිඩාව තල්ලු කළ බවත්ය. පළමු ක්‍රමය සැබෑවක්‌ බව පෙනෙන්නේ බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලේයාර් රජයේ පාරිසරික ඇමැති මයිකල් ඕචර් කළ ප්‍රකාශයකිනි. ඇමරිකාව දැන දැනම ප්‍රහාරය සිදුවීම නොවැලැක්‌වූ බව ඔහු කීය.

මේ අතර මේ ප්‍රහාරය ගැන ඇමරිකන් කොටස්‌ වෙළෙඳපොළේ සිටි සමහර තැරැව්කාරයන්ද දැන සිටි බව කියනු ලැබේ. 9/11 ප්‍රහාරයේ එක්‌ ගුවන් යානයක්‌ යුනයිටඩ් එයාර්ලයින්ස්‌ ගුවන් සේවයටත් අනෙක ඇමරිකන් එයාර්ලයින්ස්‌ ගුවන් සමාගමටත් අයත් විය. ප්‍රහාර එල්ල වීමට පෙර මේ ආයතනයේ කොටස්‌ විශාල වශයෙන් කොටස්‌ වෙළෙඳපොළට මුදා හැර තිබිණ. ප්‍රහාරයෙන් පසු එම ආයතනවල කොටස්‌ මිල පහත බසින බව දැනගත් බ්‍රොaකර්වරුන් කිහිපදෙනෙක්‌ ඊට පෙර ඒවා විකුණා ගැනීමට මෙය සිදු කළ බවද "විකල්ප අදහසකි". නැතහොත් කුමන්ත්‍රණ තියරියකි.

ගොඩනැගිලි දෙක පුපුරණ ද්‍රව්‍ය යොදා පුපුරවාහල බව ඔප්පු කිරීම සඳහා Open Chemical Physics Journal නමැති ඇමරිකානු සඟරාවට රසායනික විද්‍යාඥයන් තිදෙනෙක්‌ ලිපියක්‌ ලියා තිබිණ. ඔවුන් කිsයා තිබුණේ ගොඩනැගිලි දෙකේ සුන්බුන් අතර පිළිස්‌සුණු වෙඩි බෙහෙත් තිබූ බවය. මෙය පළ කළ සඟරාවේ කතුවරයාට නොබෝ දිනකින් ඉල්ලා අස්‌වීමට සිදු විය.

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්