Pages

Monday, January 9, 2012

ආදරේ වැඩි වෙන්න...

Girlfriend ව සතුටින් තියන එක ලෝකයේ කරන්න අමාරු ම වැඩ වලින් එකක්. ඒත් ඒක හුස්ම ගන්නවාට වඩා ලේසි වැඩක් කරගන්නත් අපි ළඟ පුංචි ඉනා බෙහෙත් තියෙනවා.
Girl කෙනෙකු ගේ සිත දිනා ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. එහෙම අමාරුවෙන් දිනා ගත්ත Girl කෙනෙක් ව සතුටින් තියාගන්න එක ඊටත් වඩා අමාරු කාර්යයක්. Girlfriend කෙනෙක් ඉන්න ඕනෑම කොල්ලෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තමුන්ගේ Girlfriend ව සතුටින් තියන්නේ කොහොමද කියන එක. ඔයත් , ඔයාගේ Girlfriend ගේ සිත තව තවත් දිනා ගන්නේ කොහොමද කියලා හිත හිතා හිටියනම් මේ පුංචි විස්තරය එක හුස්මට කියවගෙන යන්න.
Girl කෙනෙක් ට තමුන්ගේ Boyfriend කියන්නේ අනිත් කොල්ලන්ට වඩා විශේෂ පුද්ගලයෙක්. ඒ වගේ ම අමතක කරන්න එපා, හැම Girlfriend කෙනෙක් ම තමුන්ගේ Boyfriend ගෙනුත් ඒ විශේෂත්වය තමුන්ටත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම කොල්ලෙක්ම තමුන්ගේ Girlfriend ඉස්සරහා අනිත් කොල්ලන්ට වඩා විශේෂ කෙනෙක් වෙන්න ඕනේ. අනිත් කොල්ලන්ට වඩා තමුන්ගේ Girlfriend ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. ( අඩු ගානේ එහෙම සැලකිල්ලක් දක්වන බව පෙන්නන්නවත් ඕනේ ) Girlfriend ට තමුන් තුළ එයා කෙරෙහි තියෙන විශේෂත්වය, ආදරය පෙන්වන්න පුංචි Tips ටිකක් අද අපි ඔයාලට කියන්නම්.
අමතක නොකර දවසකට කීප වරක් ඔයාගේ Girlfriend ට call කරන්න. උදේට අවදි වුණ ගමන් එයාට Good Morning කියන්න call එකක් දෙන්න. Girlfriend අවදි වෙන්න කළිං ඔයාට අවදි වෙන්න පුළුවන් නම් වටිනාකම කියලා වැඩක් නෑ. දවල් වරුවේ දිගු වෙලාවක් එල්ලිලා ඉන්න calls ගන්න එපා. වැඩ රාජකාරි මැද ඔයා ගන්න දිග call එකක් එයාට කරදරයක් වෙන්න පුළුවන්. මහ රෑ මැද දෙන එක call එකකින් ඔයා කෙරෙහි Girlfriend ගේ අවධානය මුළුමනින් ම දිනා ගන්න පුළුවන් නිසා දිග call එකක් ගන්න ඒ වෙලාව යොදා ගන්න.
හැම Girlfriend කෙනෙක් ම ආසයි එයාගේ රුව ලස්සන කවුරු හෝ වර්ණනා කරනවට. ඒත් හැම වෙලාවෙම ඔයාගේ Girlfriend ගේ රුව ලස්සන වැඩියෙන්ම වර්ණනා කරන කෙනා වෙන්න ඕනේ ඔයායි. අලුත් ඇඳුමක් ඇඳගෙන එන දවස් වලට ඒ ගැන අවධානයෙන් ඉඳලා “ ෂා අද ඔයා හරි ම ලස්සනයි “ කියලා කියන්න අමතක කරන්න එපා. සමහර විට අලුත් ඇඳුම Girlfriend ට නොගැලපෙනවා වුණත් ඒ ගැන එක පාරටම comment කරන්න යන්න එපා. මොන තරම් අවලස්සන වුණත් ඒ බව තමුන්ගේ Boyfriend ගේ කටින් කියනවා අහන්න කිසිම girl කෙනෙක් කැමති වෙන්නේ නෑ.
Girlfriend එයාගේ යාළුවෝ කණ්ඩායමක් එක්ක ඉන්න විට එයාට විතරක් විශේෂත්වයක් දක්වන බව හැම වෙලාවෙම පෙන්වන්න. කිසිම Girl කෙනෙක් කැමති නෑ තමුන්ගේ Boyfriend තමුන්ගේ යාළුවෝ එක්ක ඕනෑවට වඩා කතාබහ කරනවට. විශේෂයෙන් ම තමුන්ගේ යාළුවන් එක්ක ඕනෑවට වඩා විහිළු කරනවට. ඒත් තමුන් එක්ක ඉන්න වෙලාවක තමුන්ගේ Boyfriend ලෝකේ ඉන්න හොඳම Joker වෙනවටත් Girlfriend ලා හරිම කැමතියි. ඔයා Serious කෙනෙක් වගේම , හොඳ රසවතෙක් බව මේ දේවල් හරියට අවබෝධ කරගෙන වැඩ කිරීමෙන් ඔප්පු කරන්න පුළුවන්.
ඔයාගේ Girlfriend ට ඔයා විතරක් පාවිච්චි කරන කෙටි, සුරතල් නමකින් කතා කරන්න. අනිත් අයට වඩා ඔයා විශේෂ කෙනෙක් බව අඟවන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි ඒක. Girlfriend ගේ යාළුවන් ඉදිරියේ දී ඒ විශේෂ නමෙන් එයාට කතා කරන්න.
ඕනෑම Girl කෙනෙක් ආසයි එයාගේ Boyfriend හරිම ආසාවෙන් තමුන්ගේ කොන්ඩය අතගානවට. කොණ්ඩය අත ගෑමෙන් හරිම සංවේදී හැඟීම් ඇතිවීම ස්වභාවිකයි.
Girlfriend ව හැම වෙලාවෙම උණුසුම් ව තියන්න. දැඩි සීතලක් ඇති කොහේ හරි තැනක ඉන්න වෙලාවක් කිසිම පැකිලීමක් නැතිව ඔයාගේ Jacket එක ගලවලා දෙන්න. ශාරීරිකව ඔයාට මොන තරම් සීතලක් දැනුනත් , ඒ කැපකිරීමෙන් පැහැදුණු Girlfriend ඔයාව ආදර උණුසුමෙන් උණුසුම් කරාවී.
Girlfriend ගේ ජීවිතයට විවිධත්වයක් එක් කරන්නත් මතක තියා ගන්න. සතියකට වරක් වත් Girlfriend ව film එකක් බලන්න එක්ක යන්න. එහෙම නැත්නම් එයා යන්න කැමති තැනකට එක්ක යන්න. Shopping කරන්න එක්ක යෑමෙන් තරම් girl කෙනෙක් ව වෙන කිසිම දේකින් සතුටු කරන්න බෑ. ඒත් shopping කරන්න ගිය විට ඔයා පැත්තකට වෙලා ඉඳගෙන ඉඳිමෙන් නම් වෙන්නේ තියෙන ආදරෙත් නැති වෙන එකයි. Girlfriend ඇඳුම් තෝරනකොට ඒකට මූලිකත්වය ගන්න ඕනෙත් ඔයාමයි. ඒත් Girlfriend කැමැත්තෙන් ගන්න යන කිසිම ඇඳුමකට නරකක් කියන්න එපා. ඔයා මෙතනදි කරන්න ඕනේ Girlfriend ට ඇඳුම් තෝරන්න උදව් වීම විතරයි, එහෙම නැතිව ඔයාට ඕනේ ඇඳුම් තෝරා දෙන එක නෙවෙයි.
Girlfriend ගේ ආරක්ෂාව ගැන අන් කාටත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ ඔයායි. ගෙදර යන්න පරක්කු වෙන දවසට Girlfriend ව ගෙදරටම ගිහින් ඇරලවන්න. පාරේ, Bus halt එකේ Girlfriend ව දාලා කොහේවත් යන්න එපා. දෙන්නා මුණ ගැහෙන්න කතා කරගත්ත තැනට Girlfriend ට කලිං ඔයා ගිහින් ඉන්න එකත් හරිම වැදගත්.
කවදාවත් Girlfriend ගේ උපන්දිනය අමතක කරන්න එපා. ඒ වගේම උපන්දිනය දවසේ දෙන තෑග්ග කල් තියාම සූදානම් කරලා තියා ගන්න. සල්ලි වලින් ඒ තරම් වටිනාකමක් නැති පුංචි තෑග්ගක වටිනාකම “ දෙන විදිහෙන් “ වැඩි කරන්න පුළුවන්. ඒ වගේ ම උපන්දිනයට , අලුත් අවුරුද්දට, නත්තලට මුලින්ම Girlfriend ට සුබපතන කෙනා වෙන්න ඕනේ ඔයායි.
මේ කියපු හැම දේම හරිම ලේසියෙන් කරන්න පුළුවන් , පුංචි දේවල් වුණත් , ආදරය කරන කෙනෙකුගේ හිතේ මේ දේවල් වලින් ඇති කරන්න පුළුවන් වෙනස හරිම විශාලයි. මම කියනවාට මේ පුංචි Tips ටික පාවිච්චි කරලා බලන්න. කවදාවත් නැති තරම් ආදරයක් ඔයාටත් Girlfriend ගෙන් ලැබෙයි. මේ හැම දේකින් ම වෙන්නේ ඔයාගේ ආදරයෙන් Girlfriend ගේ හිත පුරවන එකයි. එතකොට තවත් ආදරයකට ඒ හිතේ ඉඩ මදි වෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්