Pages

Friday, April 29, 2016

පුංචි ආදර කතාවක්...


එක මිනිත්තුවක් අරන් කියවන්න.

boy- මං ඔයාට ආදරෙයි. ජීවිත කාලෙම ඔයා ලඟට වෙලා ඉන්න ඕනි.
girl - මං දන්නවා...
boy- විහිලු නෙවේ.
girl - මං දන්නවා මැට්ටෝ. උත්තරේ මොකක් උනත් අපි හැමදාටම හොඳ යාළුවෝ... එකඟ ද?
boy- ඒ කිව්වෙ බෑ කියල නේද?
girl - නැහැ මමත් ආසයි ඔයා ලඟට වෙලා ඉන්න...
හැබැයි මගේ කොන්දේසි තියෙනවා.
boy- ඒ මොනාද?
girl - ඔයා වැඩ කරන තැන හිත් අමනාපකම් ගෙදර ගේන්න බෑ. ගැහැණු අයත් එක්ක කතා කරන්න තහංචි නෑ. ඒත් වැරදි හැඟීමක් ඇති උනොත් මං ඔයාට හුඟක් ආදරෙයි කියල විතරක් මතක තියා ගන්න.
මට අම්මා තාත්තා බලන්න යන්න ඕනි. ඔයාම තමයි එක්කං යන්නෝනෙ. එයාලා අපි ලඟට එන්න කැමති වුන දවසක එයාලව බලාගන්න ඕනේ. අපිට අම්මලා දෙන්නයි. තාත්තලා දෙන්නයි.
යාලුවොත් එක්ක කොහේ හරි යන්න,කතා කරන්න හිතුනොත් ඔයාගෙන් අවසර ඉල්ල ඉල්ලා ඉන්න බෑ. ඒ වෙලාවට තරහ ආවොත් මං ආදරේ ඔයාට විතරයි කියලා ඔයා මතක් කරගන්න.
අතීතේ ඉවරයි. ඒත් මගේ අතීතෙ කියන්නම් ඔයාට. ඔයාගේ අතීතේ මට දැනගන්න උවමනා නෑ.
ඒත් කාටම හරි කියන්න ඕනෙ නම් ඒකට තමා මම ඉන්නේ.
වැරදි වෙන බිරිඳක් වෙන්න පුළුවන් මම. ඒ වරද දුකක් නම් ඒ ගැන කියන්නෝනෙ හොඳම යාළුවට.
ඒත් මං...
මටත් එහෙමයි. රහස් නෑ අපි අපිව හදාගමු.
කෙනෙක්ට තරහා ගිය වෙලාවට අනිත් කෙනා ඉවසන්න ඕනේ. බැහැම නම් ටිකක් තනියම ඉන්න දෙන්න ඕනේ. ඒත් බොහොම පුංචි වෙලාවක්.
අත උස්සන්න බැහැ මට. ඔයාගෙන් ගුටි කන්න තරම් හයියක් නෑ මට. වරද කාගෙ වුනත් ආදරෙන් කියල දෙන්න ඕනි හෙමිහිට.


පුලුවන් වෙලාවට ගෙදර වැඩ වලට උදව් වෙන්නෝනෙ. අඩුම තරමේ ලඟින්වත් ඉන්න ඕනේ. සමහරදාට මගේ අතින් කන්න මට ඕනේ නෑ. ඔයා මට කවන්නෝනෙ. මාත් එහෙමයි.
මගෙ උකුළෙ ඔයාගේ ඔලුව තියන් කතා කර කර ඉන්නෝනෙ. අපේ දරුවෝ අලුත් ලෝකේ හොයන් යද්දි මැදිහත්ව ඉවසන්න ඕනෙ. උන්ට නිදහස දෙන්නෝනෙ. ඒත් නිතරම අපේ ආදරේ පෙන්වන්නෝනෙ.
වයසට ගියාමත් ඔයාගේ ලඟින් ඉන්නෝනෙ. ආදරෙයි කියන්ඩ ඕනි ගොඩක්. මුලින් කවුරු මැරුණත්... අනිත් කෙනා හිතින් වැටෙන්න බෑ. ඉතිරි කාලේ සැනසීමෙන් ඉන්න ඕනි...
එකඟද මගේ කොන්දේසි වලට

Friday, March 11, 2016

වැලන්ටයින්

හෙට වැලන්ටයින් එකට... අද සූදානම......
අම්මේ අම්මේ.... ඇයි මයේ පුතේ මේ බෙරිහන් දෙන්නේ... හෙට ක්ලාස් තියෙනවා අම්මේ..... හෙට... ඔව් විශේෂ එකක්... සර් කිව්වා හෙට අලුත් ටියුට් වගයක් කරනවා කියලා... කීයටද පුතේ ක්ලාස් තියෙන්නේ... දවසම තියෙනවා... අම්මේ ටියුට් ගන්න රු.1000 ක් ඔනේ... 1000ක්!.... බස් වියදමට ඇර ගෙදර සත පහක්වත් නෑ පුතේ... එහෙම කියලාඅ හරි යන්නේ නෑ මට සල්ලී ඕනේ හෙට ක්ලාස් යන්න... මේ හදිස්සියේ කොහෙන් කියලා හොයන්නද?.. අප්පච්චිවත් හිටියා නම් මේ වෙලාවේ, කොහෙද බීලා බීලම මැරිලා ගියානේ.... දැන් ඉතින් ඕවා කියන්නේ ඇයි... කාගෙන් හරි ඉල්ලලා දෙන්න.... මේ ගාමේ කාගෙන් කියලා ඉල්ලන්නද... මේ මසේ ක්ලාස් යන්න සල්ලි දුන්නෙත් උබලගේ මාමා... අදත් ඒ මනුස්සයාගෙන් සල්ලී ඉල්ලලා කරදර කරන්න මට හිතෙන්නේ නෑ පුතේ... එතකොට අම්මා කියන්නේ මට ක්ලාස් යන්න එපා කියලද... ක්ලාස් යන්න ඉල්ලලා මෙහෙම නම් වෙන වැඩකට ඉල්ලුවා නම් කොහොන කියවයිද... මට ඇති වෙලා දැන් මේක... ඇයි මගේ පුතේ එහෙම කියන්නේ සල්ලි තිබ්බා නම් මේ අම්මා උබට නොදී ඉන්නවද?... මාත් ආසයි පුතා රජෙක් වගේ ඉන්නවා දකින්න... හැම පැතෙන්ම ණය, එවා ගෙවලා ඉවර වුනම ඉතුරුවෙන සොච්චමෙන් තමා හැමදේම කරන්නේ... හ්ම් හ්ම්... ඔන්න ඇති පටන් ගත්තා කරච්චලේ... රත්රන් බඩුවක්වත් තියෙන එකක් යැ උකස් කරන්නවත්, මේ ණය ගෙවන්න ගිහින් ඔක්කොම උකස් කරන්න වුනානේ.... දැන් මේ කරාබු දෙක විතරයි ගෙදර සන්තකේටම තියෙන්නේ... ඉතින් ඕකත් උකස් කරන්නකෝ අම්මේ... හෙට ක්ලාස් එක වැදගත් එකක් අනිවාර්යෙන්ම යන්න ඕනේ අම්මේ... මේ උබලගේ තාත්තා මට අරං දීපූ පළවෙනි රත්රං බඩුව... ඒ මනුස්සයව මතක් වෙන්න තියෙන්නේ මේක විතරයි... ඒත් හැමදේටම වඩා පුතාගේ ඉගෙනීම මට වටිනවනේ... බැංකු වහන්න කලින් ගිහින් එන්න එහෙනම්... හා මගේ පුතේ ... පුතාට බඩගිනි ඇතිනේ බත් එක මේසේ උඩ ඇති මං ඉක්මනට ගිහින් එන්නම්... පුතා කන්න...
---------------------------------------------
-----------------------
සුදු මැනික මොකද කරන්නේ...
මොකුත් නෑ සුදු මහත්තයෝ...
ඔයා ගෙදරට කිව්වද හෙට ක්ලාස් කියලා...
ඔව් ඔව් කිව්වා... ඔයත් කිව්වද...
ඔව් මාත් කීවා... හෙට දවසම අපිට එකට ඉන්න පුලුවන් සුදු අම්මි...
ම්ම්ම් ඔව් අප්පච්චියෝ... මට මොනාද හෙට අරන් දෙන්නේ...
ඒවා රහස්, හෙට හම්බවුනාම බලන්නකෝ...
මට ඉවසිලක් නෑ හෙට වෙනකන්... ආදරෙයි සුදු මහත්තයෝ ගොඩාක්...
මාත් ආදරෙයි මගේ සුදු අම්මිට... උම්ම්ම්ම්ම්ම්ම්
මා....
(ක්ලාස් පීස් සල්ලියි මේ සල්ලියි එකතු වුනාම හොද දෙයක් අරන් දෙන්න පුලුවන්)
උම්ම්ම්ම්මා... ඔයා කෑවද අප්පච්චි...
තම නෑ..........




උබලත් මෙහෙමද වැලන්ටයින් සමරන්නේ... විශේෂ ක්ලාස් කියලා, තියෙන ක්ලස් කට් කරලා නැත්තන් වෙන මොකක් හරි බොරුවක් කියලා, අම්මා තාත්තා ක්ලාස් යන්න දෙන සල්ලි එකතු කරලා තෑගී අරන් දීලද වැලන්ටයින් සමරන්න හිතන් ඉන්නේ... එහෙනම් අහගනින් කොල්ලෝ, කෙල්ලෝ දෙගොල්ලටම කියන්නේ පෙබරවාරී 14 කියන්නෙත් සාමාන්ය දිනයක් විතරයි... උබලට නම් වැලන්ටයින් වෙන්න ඇති මට නම් ඒකේ විශේෂයක් නෑ... ඇයි උබලට 14 වෙනිදා වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය පෙම්වතා ගැන... වෙනදට ඒ වගේ දැනෙන්නේ නැද්ද... මට නම් විශේෂ නෑ හැමදාම එක වගේ ආදරෙයි... ඇත්තටම ආදරෙයි නම් දින ඕනේ නෑ බං. ඕව ඔය මාධ්ය කරයොන්ගේ ලව් කඩ මුදලාලිලගේ බොරු වලට රැවටිලා ඉන්නේ... ෆැන්ටසියෙන් එළි බැහලා යතාර්තයට ඇවිත් බලපං... ආදරේ නාමෙන් කී දෙනෙක් හෙට රූම් අදියිද... මට නම් ලොවෙත් වැඩක් නෑ කෙල්ලෙ බොලගෙ පෙට්ටි කැඩුනට... මතක තියා ගනින් උබලගෙ ඕක කැඩෙනකොට දෙමව්පියෝ උබලා ගැන තියලා තියෙන විශ්වාසෙත් කැඩුව කියලා... අම්මා හිතනවා ඇති මගෙ දුව මගේ පුතා ඉගෙන ගන්නවා කියලා ක්ලාස් ගිහින්... උබල රූම් අස්සෙ ගිහින් හැමිනෙනවා කිය ලා අම්මලා දන්නවා නම් පපුව පැලිලා මැරෙයි බං... කොල්ලොන්ට වඩා කෙල්ලොන්ගේ... 14 සාමාන්ය විදිහට ඉදපං ලොකු ලොකු දේවල් එපා.. අපි උබලා හම්බ කරන කාලෙක වැලන්ටයින් සමරමු හොදට... දෙමව්පියෝ මහන්සි වෙලා හම්ව කරලා දෙන සල්ලි වලින් වැලන්ටයින් සමරන එක නතර කරමු... ගිෆ්ට් දුන්නේ නැ කියලා තරහා වෙනවා නම් අම්මපා ඔය යාලුවෙලා ඉන්න එකාව එකීව අතඇරලා දාපං.. ගොඩක් කෙල්ලෝ( බහුතරයක්) තෑගී වලට පට්ට ආසයි.. එහෙමයි කියලා අවංකව ආදරේ කෙල්ලෙක් තැගී දුන්නේ නෑ කියලා ලොවෙත් තරහා වෙන්නේ නෑ... සිරා කෙල්ලෙක් බලපොරොත්තු වෙන්නේ තමන්ගේ තත්තා වගේ ආදරේ කරන , රැක බලගන්න කොලෙක්ව... පුලුවන් නම් ආදරේකරන කෙනාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉදලා හදවතින්ම අදරෙ ප්රකාශ කරපං, ඊට පස්සෙ ලාවට කිස් එකක් දීපන්. කරන එක බොක්කෙන්ම අමතක වෙන්නැතිවයි ඒ වැලන්ටයින් එක කවදාවත්... පුලුවන් නම් පන්සලකට පල්ලියකට ගිහින් මලක් පහනක් පත්තු කරපං... හැමදෙටම වඩ ඒක හොදයි... වැලන්ටයින් ආදරේ නාමෙන් රූම් ගිහින්, හෝල් වලට ගිහින් ආදරෙ ජීවිතේ කියන දෙක විනාස කරගන්න එපා.... ඒ වගේම ආදරේ කරන කෙල්ලව ගණිකාවක් කරන්න යන්න එපා... උබලගේ ජීවිත හදන්න මට වුවමනවක් නෑ, එත් හිතට අපූ දෙ කියන්න ඕනෙ වුනා.. කතාව නම් ඒ තරම් හොද නැතුව ඇති... හදිස්සියේ ලියපු එකක්නේ... මේ ටිකයි කිවේ ෆෝන් එකෙන් දිගට ටයිප් කරන්න අමාරු නිසා... මං දන්නවා කවුරුත් මේවා අහනේ නෑ කියලා..ඩ. අවුලක් නෑ මං හොද දෙයක් කරා කියලා මට හිතෙනවා...හැපි වැලන්ටයින්...

තෙරුවන් සරණයි...

- ඩිලාන් දර්ශන මහතාගෙන් උපුටගනිමකි





ගණිකාව යනු තවත් එක් ගැහැනියක් පමණි

අම්මී....

මගේ සුදු දූ ආවද?....

ඔව් අම්මි....

ඇයි මගේ සුදු දූ දුකින් වගේ....

අද ඉස්කෝලෙට අලුත් මිස් කෙනෙක් ආවා අම්මි...

ඒකද මේ දුකින්...

නෑ, මිස් ප්‍රශ්ණ ඇහුවා.... අම්මි තාත්තී කරන්නේ මොනවද කියලත්.... මං කිව්වා දන්නේ නෑ කියලා....  එතකොට ළමයි හිනා වුනා... කෝ අම්මි අපේ තාත්තී... අම්මි කරන රස්සාව මොකක්ද?...

මගේ සුදු ගිහින් ඇදුම් මාරූ කරගෙන එන්නකෝ.... ඉක්මනට එන්න දූට බඩගිණිත් ඇතිනේ...

හා අම්මී...
____________

හෙලෝ...

හෙලෝ නංගී මං සමන් අයියා....

ඔව් කියන්න අයියේ....

අද හවස 4 කස්ටර්මර් කෙනෙක් එනවා කිව්වා, ලෑස්ති වෙලා ඉදපං.... හොද අත්තක්, වැඩිපුරත් ගාණක් ගන්න පුලුවන් වෙයි බං...

මටදැන් මේ මගුලේ රස්සාව ඇති වෙලා තියෙන්නේ.... දවසම එක එකාගේ වහලියක් වගේ ජීවත් වෙන්න මට තවත් බෑ.... මං ආයේත් මේ රස්සාව කරන්නේ නෑ...

උබට මොනා වෙලාද වේ*** මේ එක පාරටම.... තෝ දැනගනින් තෝයී තොගේ අවජාතක දරුවයි කාලා ඇදලා ලස්සනට ඉන්නේ මේ රස්සාව නිසා කියලා... ඒ දවස් වල කන්න අදින්නවත් නැතුව ඉන්නකොට බලන්න එපැයි මේකිගේ කීකකරු කම... දැන් හරි ගියාට පස්සෙ මේකිගේ ගෑස්...

මට දැන් මේක ඇති.... මං මගේ දරුවට මොනාද කියන්නේ.... ඒ දරුවා කොහොමද ලොකු වෙලා සමාජෙට මුහුණ දෙන්නේ... තමන්ගේ අම්මා මේ වගේ ගෑණියෙක් කියලා දැනගත්තම ඒ කෙල්ලට මොනවා හිතෙයිද?....

ක්ලාස් යනවා කියලා ගිහින් එක එකා එක්ක බුදිය ගන්න කලින් උබට ඕවා හිතන්න තිබ්බේ... දැන් මෙතන එනවා හොද නරක කියලා දෙන්න.... ඒවායින් මේවයින් වැඩක් නෑ 4 වෙනකොට ලැස්ති වෙලා ඉදපං...

පන දෙන්නම් කියලා ඉදලා, බොරු ආදරයක් පෙන්නලා ගන්න ඕනෙ දේවල් අරගෙන මේ විදිහට දරුවෙක් එක්ක දාලා යයි කියලා හිතුවේ නෑ... පිරිමි ඔක්කොම එකයි උන්ගේ වාසියට තමා වැඩ....

ඌ උබව බලෙන් අරන් ගිහින් මොකුත් කරේ නෑනේ, උබත් කැමැත්තෙන් ගිහින් දැන් එනවා පිරිමින්ට බනින්න... උබ දැනගන්න එපැයි හරි විදිහට ඉන්න.... උබේ වල් කමට ගිහින් දැන් එනවා කියවන්න... අර මහත්තයා කිව්වා උබව ගෙවල් ලගින්ම අර ගන්නම් කියලා... ලස්සනට පිළිවෙලට ඇදලා පලයං....

මට බෑ දෙයියනේ, මේ රස්සාව තවත් කරන්න... මං වෙන රස්සාවක් හොයා ගන්නම්... ආයෙත් මට කරදර කරන්න එපා...

උබ වගේ වේ*** ක්ට කවුද ගැණීයේ රස්සා දෙන්නේ... උබට හරි යන්නේ මේක... දවසට දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක බුදිය ගන්න ඒ තරම් දෙයැක්යැ...

උබලා කියයි, මමනේ ඒක දන්නේ... ගැණී‍යෙක්ගේ දුක උබලා වගේ එවුන්ට තේරෙන්නේ නෑ...

උබ තමා කෙල්ලේ මට ඉන්න හොදම එකී... හැම එකාම ඉල්ලන්නේ උබව... උබට මෙ රස්සාව තරම් ගැලපෙන රස්සාවක් ආයේ ලැබෙන්නේ නෑ...

තවත් නම් මට බෑ මේක කරන්න....

අම්මී...

ඇයි මගේ සුදු දුවේ...

ටීචර් කිව්වා කොන්සර්ට් එකේ ඇදුම් ගන්න සල්ලි ගේන්න කියලා... හෙට අම්මිට ඉස්කෝලෙට එන්නත් කීවා...

හා මගේ දුවේ...

හෙලෝ... ඔය මහත්තයට කියපං වෙලාවට ඇවිත් මාව ගන්න කියලා...  වැඩි පුර ගාණක් ඕනේ අද...

මේ ඉන්නේ මගේ කෙල්ල... මහත්තයාව හොදට සතුටු කරපං හොද ගාණක් ගන්න පුලුවන් උබට... උබට මැරෙනකල්ම මේක තමා කෙල්ලේ කරන්න වෙන රස්සාව...  උබට මේකෙන් ගැලවෙන්න බෑ...
------------------

"මේ මං කතා කරන්න අකැමැතිම මාතෘකා වලින් එකක්, ඒත් වෙනසකටත් එක්ක මෙහෙම එකක් ලියන්න හිතුනා... ඉස්කෝලේ යන ක්ලාස් යන කෙල්ලොන්ට කියන්නම්  පට්ට  කෑල්ලක් වෙන්න ගිගින් අන්තිමේට පට්ට බඩුවක් වෙන්න එපා, පස්සේ දෙගොල්ලගෙම අතේ වැරදි තියාගෙන කොල්ලොන්ට විතරක් වැරද්ද පටවන්නත් එපා... විදින්න තියෙන ලස්සන ජීවිතේ පොඩි හරි දෙයක් නිසා වරද්දවා ගත්තොත් ජීවිත‍ය පුරාවටම විදවන්න වෙයි, පසු තැවෙන්න වෙයි... දෙයක්කරන්න කලින් හිතපං දෙවරක් නොව තෙවරක්"

සැ.යු: නිර්මාණාත්මක  අදහසක් මිස ගණිකාවන් හා ගණිකා වෘත්තිය සාධාරණීය කිරීමට උත්සාහ කිරීමක් නොවේ....




ආදරය > ලිංගිකත්වය > මානසිකත්වය

ෆේස්බුක් එකෙන් මාත් මේක දැක්ක දෙයක්, මේ වගේ කතාවකුත් බුකියේ ඉන්න යාලුවෙක් මට කිව්වා ගොඩක් දවසකට කලින්... පුලුවන්නම් මේ ගැන පෝස්ට් එකක් දාන්න කියලා.. ඒක නිසාමයි මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනා... සමහරක් බොක්කෙන් ආදරේ කරනවා සමහරක් මොළෙන් ආදරය කරනවා, සමහරක් හදවතින්ම ආදරේ කරනවා, සමහරක් හරක් වගේ ආදරය කරනවා... කොහොම කරත් කරන්නේ ආදරේ තමා... මොන තරම් හදවතින්, බොක්කෙන්, මොළෙන් ආදරේ කරත් සමහර ආදර කතා මඟ නවතිනවා(හරියට මගේ එක වගේ) ඒකෙන් වැඩක් නෑනේ දැන්... සමහරක් ආදර කතා පටන් ගත්තු ගමන් ඉවරයි දන්න නිසා කියන්නේ... ඒ ගැන නෙමෙයි කියන්න යන්නේ... බොක්කෙන්, මොළෙන්, හදවතින් ආදරේ කරපු උන්(කොල්ලෝ) තමන්ගේ ආදර කතාවට තිත තිබ්බම ගොන්, මෝඩ, සක්කිලි, පජාත (තව වචන තියෙනවා කියන්න බෑ) වැඩක් කරනවා... තමන් ආදරේ කරපු කෙල්ලගේ ෆෝටෝ කෑල්ලක් අරගෙන ඒක බුකිය පුරා දානවා මේකී මාව දාලා ගියා, මේකී පට්ට බඩුවක් එක එක කතා කියලා.... සමහරක්විට ඔය ෆොටෝ එක දකින තවත් එකෙක් ඒක අරගෙන වල් පේජ් එකක දානවා, කොහොමෙන් කොහොම හරි ඒකත් වෙනවා... කෙල්ලගේ ජාතකේම චොර ඉතින්... තවත් සමහරක් කෙල්ලොන්ට තරජනය කරනවා ෆොටෝ එඩිට් කරලා හැමතැනම යවනවා කියලා... උබලගේ අක්කෙකුට, නංගියෙකුට එහෙම උනොත් කොහොමද? බූට් එක තිබ්බ එක වෙනම දෙයක් ඒත් එහෙම්යි කියලා කෙනෙජ්ගේ ජීවිතයක් විනාෂ කරන බලු වැඩක්... කෙල්ලට වඩා අම්මා තත්තා අසරණ වෙන්නේ ඔහොම දෙයක් උනාමා... අනේ මහත්තයෝ උබලා ඇත්තටම ඔච්චර ආදරේ කරා නම් ඔහොම බලු වෑ කරන්න පුලුවන්ද? මට තේරෙන විදිහට උබලගේ හිත් වල ආදරයක් නෑ මචං... ආදරේ කරා කෙල්ල බූට් එක තිබ්බා දුකයි තමා, එහෙම කරපු කෙල්ලට රිදෙන්න උබලා හොඳ තෑනකට ඇවිලා පෙන්නපන් ද්ණ් මං මෙහෙමයි ඉන්නේ, උබ ගියාට මට පාඩු නෑ කියලා... පරන සිංදුවකුත් තියෙන්නේ "එක වරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් ඔබ එපා මට" මෙහෙම හිටපං පිරිමියෙක් වගේ... මෙහෙම කරන උන් ගොඩක් අඩුයි, ඒත් නැත්තෙමත් නෑ... උන්ට විතරමයි කිව්වේ මේ... අනිත් උන්ට අදාලම නෑ... මං ලොකු ලොකු ටෝක්ස් දෙන්න දන්නේ නෑ ඒත් කියන්නේ ආදරේ කරනවා නම් හරියට ආදරේ කරපං කොල්ලනේ කෙල්ලනේ... තව එකක් බඩු බඩුම තමයි... එහෙම අයටත් මේ පෝස්ට් එක අදාල නෑ... පෝස්ට් එකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගනින්...




ීචාලංකාරය........



බුරිය පෙන්නන සාරිය ..
ලොවෙත් පිට නැති හැට්ටය ..
පාසලට අපෙ සුරලිය ..
වනමි මා ටීචාලංකාරය..

පන්තිය අපෙ ටුවෙල් සී ..
කොල්ලො ටික ෆුල් නොයිසී..
"මචංලා අර කම් සී " ..
හදිසියේ එක් අයෙක් පැවසී..
එක්ස්ප්රෙෂන් උගෙ මාරය ..
හක්ක පනිනා ගානය ..
දික් කරපු අත මානය ..
බැලුව අප කිමදැයි විකාරය..
අර එපිට කොරිඩෝරය ..
පන්තියට අපෙ පාරය ..
කොනෙන් මතු වුන සාරිය ..
දැක සියලු සිත් ෆුල් බකල් විය..
ටක ටකස් හැඩ පැතිරී ..
විය අපේ කන් බිහිරී ..
අයිස්චර්යත් පදිරී ..
අලුත් ටීචර් නමින් මිහිරී..
ගමනෙ තාලෙට පැද්දෙන ..
උකුල එහෙ මෙහෙ විසිවෙන ..
කුමට ඇස් මේ නොදකින ..
දෙරණෙ මිස් ශ්රී ලංකා සිහිවෙන..
පොත් මිටිය ගෙන වමතට ..
රැගෙන සාරිය දකුණට ..
ඔතා රවුමක් ඉනවට ..
සිනා සලමින් ආව ඇතුලට..
නොවී පමනක් දෑසට ..
මිහිර දැනුනා නහයට ..
පිබිදුනා හිත සුවඳට ..
වැස්ස වාගෙයි වැටුන කතරට..
ආයුබෝවන් කී සර ..
ලැමැද දෑතට සිර කර ..
හැට්ටයේ කැපු ඇගෙ කර ..
සිහි කරා අර නෝටි ටීචර..
හැට්ටෙ පහලින් ඇති ඉඩ ..
කිරිගරුඬ වගෙමයි හැඩ ..
ගැහුන හදවත දඩ දඩ ..
දැක්කෙ දැන් නෙව ඈගෙ සුදු බඩ..
හැට්ටෙ පහලට අඩියයි ..
එතැන තැන ඇගෙ බුරියයි ..
අඟල් තුනකින් නෙරියයි ..
බලනකොට නං මාර සුදියයි..
බැඳලා උඩට තද කර ..
ඇතිය හංසයො සිරකර ..
සිටියමුත් උන් හැර සර ..
පනීවිද සැක හැට්ටෙ කුඩුකර..
සිනාසෙන ඇගෙ දෙතොලේ ..
ගෑවිලා වගෙ අමු ලේ ..
රෝස පාටයි කොපුලේ ..
අහසෙ පාටයි දෙනෙත් සඟලේ..
හුණූ කූර ගෙන වමතට ..
හැරුණ හරවා ඇගෙ පිට ..
වියපු පැදුරක් තරමට ..
නූල් හැට්ටේ ගනන දහ අට..
ලියන විට ඈ නැමිලා ..
කළු ලෑලි හැඩ කරලා ..
උස නිතඹ ඇගෙ පිරිලා ..
වගේ කලයක් මුනින් නවලා..
හමා සුළඟක් පැමින...
කෙස් කළඹ මන බඳින...
දුටු විටදි හැටි සැලෙන...
තාලෙටම මගෙ හිතත් නටන...
ලියා අවසන පැවරුම...
ගොසින් සිට ඈ ලගටම...
එබිල පොඩ්ඩක් බැලුවම...
බැලුන් වාගෙයි වතුර පිරුනම..
අදින් පසුනං පාසැල...
වගෙයි මටනං පංසල...
නිවන් දකිනා මංසල...
ඇයයි වේලෙන අපට දන්සැල...
ශිල්පයට රස මුසුවී...
ගලා යන හැටි නැලවී...
රැයේදිත් මට සිහිවී...
කොට්ටයේ ඇත පුළුන් විසිරී..
සුර ලොවින් ආ කිඳුරී ..
වගෙයි අප හට මිතුරී ..
කලඹනා සිත මධුරී ...
වනමි මේ ලෙස ටීච මිහිරී..




No name Love Story

1 කොටස)

අඩෝ!...
ඇයි බං වද දෙන්නේ, ඉගෙන ගන්න දියන්...අනේ තෝ ඉගෙන ගන්න එකෙක්ද කියපංකෝ... වතුර තිබහයි බං.... උබලා කොහේ හරි ආවොත් ඉතින් මොකක් හරි මගුලක්....එහෙම තමා බං, අපිත් මිනිස්සුනේ... දැන් කොහෙන්ද යකෝ වතුර ඉතින්...
ඇයි උබ ගෙනාවේ නැද්ද?නෑ බං...යකෝ ක්ලාස් එනවා නම් වතුර බෝතලයක් ගෙනෙන්කෝ...ඉතින් තෝ අරන් ආවෙ නැත්තේ...සිරාවටම මළ පනිනවා ෂානෝ දැන් නම්...ඉන්ටර්වල් එකේදී බීපං බං, උබ මැරෙන්නෙ නෑ, දැන් ඉගෙන ගනින්... තෝ ක්ලාස් ආව දවසෙ ඉදන් ඔහේ ඉන්නවා බූරුවා වගේ....
පල පල.... අපිත් ඉගෙන ගන්නවා ඩෝ... මේ පිටිපස්සේ ඉන්නේ කෙල්ලගෙන්වත් ඉල්ලපංකෝදෙයියො...උබටනේ ඕන උබම ඉල්ලපං...යකෝ මුන් බලපංකෝ...හේ හෙ...
දැන් ඇඹරෙන්නේ නැතුව ඉල්ලපං...  වතුර තියෙනවද?... ආආ...
 අන්න බලපං තියෙනවද කියලාවිතරයි ඇහුවේ දුන්නා... වැවක වතුර බිව්වත් මදි වෙන තිබහකින් හිටියේ... බෝතලේ ඇරපු ගමන්ගසලා දැම්මේ අවුරුදු ගාණක් කාන්තාරෙක හිටිය එකෙක් වගේ... බෝතලේ උගුරු දෙකක් විතර ඉතුරු වෙන්න බීලා ආයේත් බෝතලේ දෙනකොට තමා එයාගේ මූණ දිහා බැලුවේ... කිරි මූදට හද පායලා දිය කිදුරියෝ රබන් ගහනවා වගේ හැගීමක් එයාව දැකපු ඒ වෙලාවේ හිතට ඇති වුනේ... ජල වාෂ්ප දෙක තුනක් විතර ඉතුරු වෙලා තියෙන බෝතලේ දෙනකොට කෙල්ලගේ සුදු මූණ ලෙසටම රතු වුනා... ස්වර්ගෙන් බැහැපු සුරංගනාවියක් වගේ ලස්සන කෙල්ලෙක් මට පිටිපස්සෙන් ඉන්නවා කියලා දැනගත්තේ ඒ වෙලාවේ... සර් කාරය උගන්වන අතරේ ආපහූ හැරි හැරි බලන එක කාටත් හොද නැති නිසා දෙපාරක් තුන් පාරක් බලලා පිටිපස්ස හැරෙන නතර කරා...

මොනාද උලමෝ තෝ හැරි හැරි බලන්නේ... මොකුත් නෑ බං... ඔන්න ඉතින්පැණි හලන්න පටන් ගත්තා උබ.. පැණි නෙමෙයි බං.... බලපංකෝ වතුර එක ඉල්ලපු කෙල්ල දිහා ටිකක්.... ඇයි... බලපංකෝ උබර පිස්සු හැදෙයි... අඩෝ පාර පාර... කොහොමද ජාතිනේ... ජාතිද කියලත් අහනවා පට්ට ඩිලෝ කෑල්ල නම්...
 කෙල්ලෝ දිහා බලන්න නෙමෙයිනේ යකෝ ක්ලස් ආවේ ඉගෙන ගනින්.... දැන් උබම බලන්න කියලා මගුලක් කතා කරනවා...එහෙම තමා...

ලියන එක තරම් මං අකැමැති වැඩක් තවත් නෑ...සර් කාරයා කියවන වේගේ හැටියට ලොවෙත් ලියන්න බෑ.. ඒ නිසා ෂේප් එකේ ඔලුව තියාගෙන ඉන්නවා... දැක්කොත් ඉතින් විලි නෝන්ඩිය තමා... ඒ අතරේපිටිපස්සෙන් පොඩි තට්ටුවක් දානව වගේ දැනුනා... හම්මට සුරංගනාවිගෙන් තට්ටුව දෙන දෙ‍යියෝ සරම උස්ස උස්ස දෙනවා කිව්වලු...   හැරෙන්නත් කලින් එක්ස්කියුස්මී ඔය බිම තියෙන ටිපෙක්ස් එක අරන් දෙනවද කියලා  සුමුදු මුදු වචන ටිකක් කන හ‍රහා යනවා වගේ දැනුනා... මෙයාට නොදෙන උදව් කියලා මාත් අරන් දුන්නා ඉක්මනට...  ආයෙත් පරක් තැන්ක් යූ කියලා වචන‍යක් කන හරහා ඇදී ගියේ හිතාගන්න බැරි විදිහට.... ඒ වෙලාවෙදි තමා හිතුනේ දෙවියෝ මිනිස්සු මැව්වා නම් මේ කෙල්ලට දෙන්න ඕන හැම දෙයක්ම අඩු නැතිව දිලා කියලා...  කෙල්ලගේ අංග සම්පූර්න රූපයම බලාගන්න ඉන්ටර්වල් එක එනකන් ළග ඉන්න එකගෙන් වෙලාව විටින් විට අහන්න ගත්තා... මොනවා කිව්වත් හැමදාම එකට ඉන්න මගෙ බොක්කා තමා මදුෂාන්... ආදරේට කියන්නේ ෂාන් කියලා.... සෑර්කාරයා ඉන්ටර්වල් එක දෙනකොට තිබුන සතුට මලක් ගහලාවත් ගන්න බෑ.... ක්ලාස් එකෙ ඉන්න හැමෝටමකලින් නැගිටලා ෆ්ලාශ් වගේ වෙගෙන්  ක්ලස් එකෙන් එළියට පැන්නේ සුංචි සුරංගනාවිගේ මූණ හරියාකරවම බලන්න තිබුන අසව නිසා... උබට මොංගල්ද බං කඩගෙන බිදගෙන ආවේ.. අහන්නෙ ඇයි උබ දන්නවනේ ඉතින්... එක පිළිගත්ත එක ගැන සතුටුයි බං.... අර බලපං බං සුරංගනාවී එනවා.. මොන සුරංගනාවිද යකෝ.. වතුර බෝතලේ දුන්න කෙල්ල බං ෂානෝ... මොන සුරංගනාවියක්ද බං එහෙන් පිටින්ම පට්ට ලදරමක්නේ... පැහැදිලි ඉරිසියාව, ඇතුලෙදි කිවුවේ නම් පට්ට කෑල්ල කියලා... දැන් නේ යකෝ හරියට දැක්කේ... හා හා බොරු නොකියා ඉදහන් ඉතින්...

කෙල්ල බෝතලෙත් අරං සුදු මූණ රතු කරගෙන පොඩ්ඩක් විතර රවාගෙන නිකන් බ්‍රොක් ලෙස්නර් ඩීන් ඇම්බ්‍රෝස්ට ගහන්න එනවා වගේ එන්නේ... ආවා වගේ නෙමෙයි ලගින් යනකොට දැනුනේ අමුතුම ෆීලින්ග් එකක්...  ගෑවී නොගෑවී  මගේ ලගින් යනකොට කෙල්ලගෙන් ආව පර්ෆියුම් එකේ සුවදට මාව වල් මත්වෙලා ගියා වගේ දැනුනේ.... ගස්සලා පද්දලා කෙල්ල  පිටිපස්ස හැරිල ලාවට වගේ පොඩි අමුතුම හිනාවක්  දැම්මාවිතරයි මම ‍රංජන් රමනායක දානවා වගේ කුප්ප හිනාවක් දැම්මා.. අඩෝ මොකද හිනා වෙන්නේ.. නෑ බං නිකන්.. සලංහන්තේ වගෙ සද්දෙකින් කවුදෝ වැටෙනවා ඇහුන නිසා පැනපු ගමන් බැලුවා මොකාද කියලා... පඩිපෙළ හදපු එකගෙ අම්මට අඩෝ අර කෙල්ල බං, ඒ පව් බං යකෝ.... උබ කලබල නොවී ඉදපං ඔය කෙල්ල නැගිටින්නේ.. පව් බං බලපංකෝ මූණ දිහා අඩන්න වගේ... උබට මාර කැක්කුමක්නේ තියෙන්නේ.. එහෙම තමා බං... කෙල්ල ලැජ්ජාවෙන් නැගිටල පටෝරියන් ගාල පහලට ගියා, කොහොමද කියලාවත් අහගන්න බැරි වුනා... මොනද බං කල්පන කරන්නේ.. කෙල්කට තුවලද දන්නේ නෑ වං.. මං දන්නේ කොහොමද?.. දැන් කපංකො උබ.. . අඩෝ හිත නිකන් ගල් රෝලෙකින් තලනවා වගේ බං... උබට ලෙඩක් පුතා, සංතෝසයි බං.. විහිලු නෙමෙයි බං සි‍රාවටම අවුල් වගෙ... හරි ඉතින් ඔච්චරම උබට අමාරූ නම් ඇරිල යනකොට කතා කරලා අහමූ... උබ නම් දෙයියෙක් බං මරු අයිඩියා එක... හරි හරි බටර් ඕනේ නැ දැන් කපං...

-මතු සම්බන්ධයි-





ps : උස්සන ලද එකකි .. කොහෙන්ද ඉස්සුවේ අහන්න එපා .. යාලුවෙක් හරහා ඉස්සුවේ 

එහෙන් මෙහෙන් එන ඒවා

මොකක්දෝ හේතුවකට අපි දෙන්නා තාමත් එකට ඉන්නවා... පොඩි පොඩි දේවල් වලට නිතරම හිත් රිද්දගත්තත් අපි දෙන්නා අපි දෙන්නගේ විතරයි කියලා හිතන් උන්නු අවිනිශ්චිත සිතුවිල්ල දැන්නම් ස්ථිරවම හරි කියලා මට හිතෙන්නෙ පටන් අරන්..

කාලය කොහොම යනවද මන්දා..

ඒත් අවුරුදු තුනක වෙලේ ඉදන් අපි දෙන්නා යහතින් ඉන්න්වා..මේ කාලේට අපේ ජීවිතවලට ආව ගිය අය වැඩියම නැහැ.. ඒත් ඒ හැමකෙනෙක්ම ප්‍රශ්න වගේම ප්‍රශ්නාර්ථත් ඉතුරු කරා.. ඒත් ඒ හැමෝම එක්තර විදියකට අපේ බැදීම වැඩිකරා මම හිතන්නේ.. ආපු දුරටත් වඩා තව ගොඩාක් දුර යන්නත් තියෙනවා... තව කීයක් දේවල් වෙයිද දන්නැහැ..ඒත් මම තීරණය කරා ඔයා එක්ක හැමදාම සතුටින් ඉන්න.ඔව් ඔයා එක්ක විතරක්.


සම්පුර්න අයිතිය මගේ මැට්ටිට 

Sunday, November 8, 2015

ජීවිතය 😊



 ඔන්න  කාලෙකට පස්සේ මන් ආයිත්  ආවා මගේ බ්ලොග් ලෝකෙට
ගොඩක් කල් නිහඩව හිටියේ  උන  ගොඩක් ප්‍රශ්න නිසා
ඒ උනත් දැන් දැන් පුළුවන් වෙලාවට ඇවිල්ල මන් මේක කොහොම කරනවා කියලම තමා දැන් නම්  හිතන් ඉන්නේ 

 

අපිට අපේ ජීවන ගමනෙදි දුක සතුට කියන දෙකම අත් විදින්න වෙනවා.අපි ආදරය කරන දෙවල්,අපි ආස කරන දෙවල් අපිට ඉක්මනට ලබාගන්න අපි වෙහෙසෙනවා.අපි අකමැති දෙවල්,අපිට අනවශ්ය දෙවල් අපි ලබාගන්න උත්සහ කරන්නෙ නෑ.මොකද අපිට වටිනාකමක් ඇති දේට විතරක් අපි ආස කරන නිසවෙන්.
අපිට අවශ්ය,අපි ආසකරන සියල්ල අපිට ලබාගන්න අමරුයි.ඒකට හේතුව අපි සමාජයේ ගැටෙන විදිහ සහ අපි ලබා උපන් හැටි නිසා.සමාජයේ පළවෙනි පන්තිය,දෙවන පන්තිය,තුන්වන පන්තිය ලෙස කොටස් වශයෙන් බෙදිලා තියෙනවා.එහෙම බෙදීමට ප්‍රධානතම හේතුව තමයි මිල මුදල්.සමාජයේ අපිට තියන පිළිගැනීම,අපේ තත්වයත් ඒ බෙදීමට ලොකු හේතුවක්.ඉහල පිළිගැනීමක් තියන,සල්ලි පනම් යහමින් තියන කෙනෙක්ට,වත්කමින් පොහොසත් කෙනෙක්ට පළවෙනි පන්තියේ තැන ලැබෙනවා.ඊට වඩා ටිකක් අඩු වශයෙන් පිළිගැනීමක් තියන,මුදල් මට්ටමත් ප්‍රමාණවත්ව තියන කෙනාට දෙවන පන්තිය උරුම වෙනවා.සාමන්ය විදිහට ජීවත් වෙන,සාමන්ය ජීවිතයක් ගෙවන කෙනාට තුන්වෙනි පන්තිය උරුම වෙනවා.මේ තුනෙන් ඉතාමත් දුගී,දුප්පත්,එදා වේල වෙනුවෙන් සටන් කරන කෙනාට සමාජයෙන් තියන වටිනාකම අඩුයි.




ඔබත් මමත් මේ කුමන පන්තියක සිටින කෙනෙකු වූවත්,අපගේ උත්සහය,කැපවීම මත,අපගේ දියුනුව තීරණය වෙනවා.අපේ පවුල් පසුබිම,මුදල් උපයන මාර්ගයටත් වටිනාකමක් නියම වෙලා තියනවා.
අපගේ තත්වය මත අපට ලැබෙන නොලැබෙන දෙවල් තීරණය වෙනවා.අපට තිබෙනා තත්වය සමග පෑහීමට හැකි දෙවල් පමණක් ලබාගැනීමට උත්සහ කරන්න.අපට අවශ්ය වූ පමණින් සියල්ල ලබාගැනීමට නුපුලුවනි.උත්සහය කොපමණ තිබුනද,අවශ්යතාවය කොපමණ තිබුනද,උරුම නැති,නොපෑහෙන දෙයක් පසුපස හබා නොයන්න.මනුස්සකම,අවන්කකම තිබූ පමණින් අපට සමාජය සමග ගැටීමට අසීරුයි,එයට හේතුව නම්,මිල මුදල්,යාන වාහන,සමාජ තත්වය අන් සියල්ලටම වඩා ඉහලින් රජ කරන කාලයක් නිසාය.
අපට ඇති සීමාවෙන් පිටතට යෑමට උත්සහවන්ත වීම වටිනා නමුත්,අපගේ සීමාව තුල යහපත් ප්‍රතිරූපයක් ගොඩනගාගෙන,අපට ගැලපෙන දෙයට පමණක් ලන් වීම,ලන් කරගැනීමට කැපවීමෙන්,අපට අපගේ සීමාව තුල පළමුතැන ලබාගැනීමට පහසුවනු ඇත.

ඔබට ඔබව නිවැරදි නම්,උබට ඔබව විස්වාසයි නම්,ඔබට ඔබ අවන්කයි නම්,ඔබ යන මග නිවැරදි නම්,අන් කිසිවක් ගැන නොසිතන්න.ඔබට උරුම දෙයට පමණක් කැපවෙන්න.ඔබ තත්වයෙන් උසස් වූවත්,පහත් වූවත් ඔබ නිවැරදි නම්,අන් කිසිවක් ඔබට අවශ්ය නොවනු ඇත.ඔබගේ ස්ථාවරය ඔබට නිවැරදි නම් ඔබ පරාජිතයකු නොවනු ඇත.තමන්ට හැකි අයුරින් ජීවිතය ජයගන්න.එය ඔබට ඉමහත් ශක්තියක් වේවි. 😊

Tuesday, May 29, 2012

සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය...බොන්න කලින් ටිකක් හිතන්න. යාලුවන්ටත් දැනගන්න share කරන්න.



Formaldehyde –
මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා
Ammonia –
වැසිකිළි පිරිසිදුකාරකයක්
Acetone –
නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා
Tar. Nicotine –
මත් ද්රව්යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)
Carbon monoxide-
වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්රාණය මඟින් මරණයට පත්වේ
Arsenic –
මී පාසානම් වල අඩංගු වෙනව
Hydrogen cyanide-
මරණය ලඟාකර දෙන විශ වායුවක්
Benzene –
පෙට්රල්වල ඇලෙන අන්තර්ගතය
Cadmium –
බැටරි හදන්න ගන්නවා
Staric- acid -
ඉටි
Butane – lighters
වල අඩංගු වෙනව
Methanol –
රොකට් ඉන්ධන
Acetic acid –
විනාකිරි
Chromium –
යකඩ හදන්න ගන්නවා