Pages

Sunday, May 29, 2011

වෘත්තිකයෙකු කියන්නේ කව්දැයි ඔබ හොඳින් දන්නවද?


අප හොඳින් දන්නා වෘත්තීන් කිහිපයක් ගැන මුලින්ම සලකා බලමු. වෛද්‍ය වෘත්තීය, ඝනකාදිකාරී වෘත්තීය, ඉංජිනේරු වෘත්තීය, නීති වෘත්තීය  ආදී වශයෙන්.යමෙකු මෙම වෘත්තියක් ආරම්භ කරන්නේ තරුණ වයසේදී හොඳින් හිතල බලල. තමාගේ  මුළු ජිවිත කාලයම ඒ සඳහා කැප කරන්න සුදානම් වෙලා. එහෙම ජිවිත කාලයම කරන්න පුළුවන් වෘතින් සඳහා සකස් වෙලා තියෙන පාඨමාලාවක් කරලා තමයි ඔවුන් තරුණ කාලයේදීම  එම වෘතියට අවතීර්ණ වෙන්නේ. ජිවිතේ මැද කාලයේදී ආපසු වෘත්තීය වෙනස් කරන්න මේ අයගේ අදහසක් කොහෙත්ම නැහැ. දිගු කාලයක් යමෙක් එකම වෘතියක නියැලෙන කොට ඔවුන්ගේ ආර්ථික ස්ථාවර බව ඉතාම යහපත් තත්වයකට පත් වෙනවා. 


කෙටි කලකින් ඉතා හොඳ ආර්ථික ස්ථාවරත්වයක් ලබා ගන්න පුළුවන් වෘතියමය පාඨමාලා ශ්‍රී ලංකාව තුල දකින්න ලැබෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ වගේම එවැනි පාඨමාලා සඳහා අධික තරඟයක් දකින්නත් පුළුවන්. තවත් ඉතාම සැලකිල්ලට ගතයුතු දෙයක් තමයි මෙතරම් අමාරුවෙන් තෝරාගන්න වෘතිය පාඨමාලාව අවසානයේ හොඳ වැටුප් ලබන රැකියාවක් ලබාගන්න එකත් ශ්‍රී ලංකාවේදී අද ඉතාම අපහසුයි. හොඳම උදාහරණය තමයි වෛද්‍ය වෘත්තීය. උසස් පෙළ කරන ළමයි ලක්ෂ 2 කින් පලවෙනි 2000 අතරට තේරිලා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙලා වයස අවුරුදු 26 දී විතර  දොස්තර කෙනෙක් වෙන තරුණයෙකුට අද රැකියාවක් ගන්න අවුරුදු 2 කක් පෝලිමේ ඉන්න වෙන එක. 


මෙතරම් අවාසනාවන්ත ඉරණමකට ලක්වෙන ලංකේය තරුණ පරපුරට තොරතුරු තාක්ෂනය හරහා අඩු වයසින්ම ආර්ථික ස්ථාවරත්වය ලබා ගන්න පුලුවන් වෘත්තිමය පාඨමාලා සකස්වී තිබෙන බව දැනගැනීමත් අති මහත් වාසනාවක් කියල අවබෝද වෙන්න ඕන. තොරතුරු තාක්ෂනය හදාරන සිසුන්ට තියෙන හොඳම වෘතිමය ක්ෂේත්‍රය තමයි මෘදුකාංග නිර්මාණය. මෘදුකාංග නිර්මාණය සඳහා පරිගණක භාෂාවක් ප්‍රගුණ කරන්න සිදු වෙනවා. 


ලෝකයේ අද බිහිවෙලා තියෙන පරිගණක භාෂා අතුරින් ප්‍රබලම හා ජනප්‍රියම පරිගණක භාෂාව  තමයි JAVA පරිගණක භාෂාව. JAVA පරිගණක භාෂාව පදනම් කරගෙන අති දැවැන්ත මෘදු තාක්ෂණයක් බිහිවී තිබෙනවා. ඒ තමයි JAVA  තාක්ෂනය. මෙම තාක්ෂනය ප්‍රගුණ කරන්න  ඉතාම හොඳ වෘත්තිමය පුහුණු පාඨමාලාවක් බිහි වෙලා තියෙනව. ඒ තමයි PCJT Software Engineer වෘත්තිමය පුහුණු පාඨමාලාව. මෙම වෘත්තිමය පාඨමාලාව නිම කරන වෘතිකයින් JAVA Sofware Engineer කියන වෘත්තියට ක්ෂණිකව අවතීර්ණ වෙනවා. මෙම වෘත්තියේ තියෙන පැහැදිලි විශේෂත්වය තමයි ඉතාම කෙටි කලකින් ආර්ථික ස්ථාවරත්වය අති කර ගන්න ඔවුනට හැකි වීම. 

මොකද්ද මේ පරිගණක භාෂාවක් කියන්නේ?


අද භාෂාවන් බෙදා වෙන්කරන්න පුළුවන් ක්‍රම 2 කක තියෙනවා. Human Languages සහ Computer Languages කියල. Human Languge එකක්  භාවිත කරලා එම භාෂාව දන්නා දෙන්නෙක් එක්ක අදහස් හුවමාරු කරගන්න පුළුවන්. නමුත් පරිගණකයට Human Languge එකක් තේරෙන්නේ නැහැ. නමුත් අද නවීන  ලෝකේ මිනිස්සුන්ට පරිගණකයත් එක්ක කතා කරන්න සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ භාෂාව පරිගණකයට තේරෙන්නේ නැත්නම් අපිට පරිගණකයට තේරෙන භාෂාව තේරුම් ගන්න වෙනවා. 


මේ විදියට පරිගණකයට තේරෙන භාෂාවල් ඉගෙන ගන්න පිරිසක් අද ලෝකයේ ඉන්නව ඒගොල්ලන්ට තමයි programmers ල කියල කියන්නේ. ඒ අය පරිගණකයට තේරුම් ගන්න පුළුවන් පරිගණක භාෂාවක් ඉගෙන ගන්නවා. එනම් programming language එකක් ඉගෙන ගන්නවා.


පරිගණකයට තේරෙන විදියට විධාන දෙන්න පුළුවන් භාෂාවකට තමයි අපි පරිගණක භාෂාවක් කියල කියන්නේ. අද ලෝකයේ පරිගණක භාෂාවල් රාශියක් තියෙනවා. 


මේ භාෂා මොනවද ඒවා අතරින් වැඩම ජනප්‍රිය හා හොඳම භාෂාවල් මොනවද කියන එක පිළිබඳව සමීක්ෂණයක් Tiobe Index යන වෙබ් අඩවියෙන් කරලා තියෙනවා. අද ලෝකයේ හොදම හා ජනප්‍රියම පරිගණක භාෂාව වෙලා තියෙන්නේ Java පරිගණක භාෂාව. 


හොඳම පරිගණක භාෂාව වීමට ප්‍රධාන හේතුව තමයි Java පරිගණක භාෂාව යොදාගෙන ඕනෑම අධිතාක්ෂණික නිර්මාණයක් කරන්න හැකියාව එම භාෂාවට තිබීම. Java පරිගණක භාෂාව යොදාගෙන කරලා තියෙන අධි තාක්ෂණික නිර්මාණ ගැන Java Everywhere වෙබ් අඩවියෙන් දන ගන්න පුළුවන්.  


මෙම භාෂාව ජනප්‍රියම පරිගණක භාෂාව වීමට හේතුව තමයි මේ භාෂාව ප්‍රගුණ කරපු මෘදුකාංග ඉංජිනේරුවන්ට ලැබිය හැකි අධික වැටුප්. Java මෘදුකාංග ඉන්ජිනේරුවන්ට  වාර්ෂිකව ලැබිය හැකි වැටුප් පිළිබඳව විස්තර Pay Scale වෙබ් අඩවියෙන් අවබෝදයක් ලබා ගන්න පුළුවන්

මොකද්ද මේ තාක්ෂනය, JAVA, හා JAVA තාක්ෂනය ?


මුලින්ම තාක්ෂනය (Technology) සම්බන්දව සරල අදහසක් 
තාක්ෂනය ප්රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. දෘඩ තාක්ෂනය හා මෘදු තාක්ෂනය  වශයෙන්. එනම් Hard Technology හා Soft Technology හැටියට. දෙවන ලෝක යුද්දය අවසන් වනවාත් සමගම ඇති වුන කාර්මික විප්ලවයත් සමග ප්රධාන වශයෙන් දියුණු වුනේ යන්ත් සුත් හරහා දියුණු වුන දෘඩ තාක්ෂනය.  පසු කාලීනව මෙම යන්ත් සුත් ස්වයංක්රිය කරණය කිරීමට අවශ්යතාවය මතු වෙන්න පටන් ගත්තා. මේ සඳහා තමයි පරිගණක යොදා ගන්න පටන් ගත්තේ. පරිගණක භාවිත කරලා යන්ත් සුත් වලට විධාන දෙන්න මෘදුකාංග වල අවශ්යතාවය ඇති වෙන්න පටන් ගත්තේ ඉන් පසුව. යන්ත් සුත් ඉතාම කාර්යක්ෂමව ක්රියා කරවීම සඳහා මෘදුකාංග ඉතාම දියුණු තත්වයකට පත් කිරීමට සිදු උනා. මේ නිසා මෘදුකාංග නිර්මාණය පරිගණක භාෂාවකින් පමණක් කල නොහැකි තත්වයකට පත් උනා. 

මෘදුකාංග නිර්මාණය කොහොමද මෘදුකාංග තාක්ෂණයක් උනේ?
කොතරම් ප්රබල පරිගණක භාෂාවන් ලොව බිහි උනත් ඉතාම කාර්යක්ෂම මෘදුකාංගයක් නිර්මාණය කිරීම සඳහා තව නොයෙකුත් අංගෝපාංගයන් මේ සඳහා යොදා ගැනීමට සිදු උනා. උදාහරණ ලෙස මෘදුකාංගයක සැලසුම සකස් කර ගැනීම සඳහා UML, පරිගණක භාෂාව ස්වයන්ක්රියව හැසිරවීම සඳහා IDE එකක්,  දත්ත ගබඩා කිරීම සඳහා වෙනම දත්ත ගබඩාවක් (Datebase ) මින් කිහිපයක් පමණයි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෘදුකාංගයක් නිර්මාණය කරනවා කියන්නේ නිර්මාණ රාශියක එකතුවක් බව. මෙවැනි නිර්මාණ රාශියක සංකලනය මෘදුකාංග තාක්ෂනය එහෙමත් නැත්නම් මෘදු තාක්ෂනය ලෙස එලි දැක්වුණා. 

මෘදුකාංග තාක්ෂනය ගැන තව දුරටත් පැහැදිලි කර ගනිමු
උදාහරණයක් හැටියට ජංගම දුරකතනයක් ගැන හිතමු. එය නිර්මාණය කරලා තියෙන්නේ  ප්ලාස්ටික් හා නොයෙකුත් ලෝහ වර්ග වල සංකලනයක් හැටියට. එනම් දෘඩ තාක්ෂණික උපකරණයක් හැටියට තමයි ජංගම දුරකතනයේ මුලික සැකැස්ම බිහිවන්නේ. මෙම දුරකතනයට ජීවයක් දෙන්න තමයි මෘදුකාංග තාක්ෂණයේ  අවශ්යතාවය මතු වෙන්නේ. මෙම ජංගම දුරකථනය තුලට ඇතුලත් කරන මෘදුකාංගය නිසා තමයි අපිට ලෝකේ එහා කොනේ ඉන්න තව කෙනෙක් එක්ක සම්බන්ද වෙන්න පුළුවන් වෙන්නේ. අද ලෝකයේ සියලුම තාක්ෂනයන් මෘදු තාක්ෂනයන් හා දෘඩ තාක්ෂනයන් දෙකේ එකතුවක් විදියට තමයි බිහිවෙන්නේ.


අද වෙළඳපොලේ දෘඩ තාක්ෂණික නිර්මාණවල මිල ඉතාම අඩුයි..
දෘඩා තාක්ෂණයෙන් නිර්මාණය කරන කොටසේ වටිනාකම අද ඉතාම අඩු අගයකට පත් වෙලා. උදාහරණයක් ලෙස ඕනෑම ජංගම දුරකතනකයක දෘඩා සැකැස්ම රුපියල් 500 කට වගේ අඩු ගණනකට චීනයේදී මිලදී ගන්න පුළුවන්. නමුත් එම දෘඩා සැකැස්මට මෘදුකාංගයක් ඇතුලත් කරපුවාම එම දුරකතනයේ වටිනාකම ලක්ෂ ගණනක් උනත් වෙන්න පුළුවන්. ඒකට ප්රධාන හේතුව තමයි දෘඩා සැකැස්ම යන්ත්රානුසාරයෙන් ස්වයන්ක්රියව නිර්මාණය කිරීමට හැකියාව තිබීම. නමුත් මෘදුකාංගයක් නිර්මාණය කරන්න කාලාන්තරයක් තිස්සේ ප්රගුණ කරන ලද මිනිස් මොලයක් අවශ්යමයි. අති ප්රබල මෘදුකාංග නිර්මාණය කරන්න පුළුවන් මිනිස් මොළ හදන එක එතරම් ලෙහෙසි පහසු කාර්යක් නෙමෙයි. එක පුද්ගලයෙක් පුහුණු කරන්න වසර ගණන් ගත වෙනවා. එවැනි දක්ෂ මෘදුකාංග ශිල්පීන්ගේ විශාල අඩුවක් සම විටම ලෝකයේ පවතින්නේ. මෘදුකාංග ශිල්පීන්ට තියෙන දැඩි ඉල්ලුම නිසා ඔවුන්ගේ වැටුප් ඉතාම ඉහල අගයන් ගන්නවා.  මේ නිසා ඔවුන් නිර්මාණය කරන මෘදුකාංග වල වටිනාකම ඉතාම ඉහල මිල ගණන් වලට අලවි වෙනවා. 


මෘදුකාංගයක පිටපතක් හදන්න සතයක්වත් වැය වෙන්නේ නැ..
අපි හිතමු අති දක්ෂ මෘදුකාංග ශිල්පියෙක් ජංගම දුරකතන සඳහා ප්රබල එක මෘදුකාංගයක් නිර්මාණය කලා කියල. එහි වටිනාකම රුපියල්  ලක්ෂයක් කියල. මේ මෘදුකාංගයේ පිටපත් ලක්ෂ ගණනක් උනත් අලෙවි කරන්න පුළුවන්. පිටපතක් නිර්මාණය කරන්න සතයක් වත් වැය වෙන්නේ නැ. නිසා එම නිර්මාණය කරන මෘදුකාංග ශිල්පියාට හෝ එම ආයතනයට මිලියන ගණන ගෙවන්න ජංගම දුරකථන නිෂ්පාදන ආයතන සුදානම්ව සිටිනවා.  
එනිසා එවැනි ප්රබල මෘදුකාංග නිර්මාණය කරන්න පුළුවන් වෘත්තිකයන්ගේ වැටුප් හා අදායම් තව තවත් වැඩි වෙනවා.