තත්පර තුන හතරක්... ඒත්, වැදගත් ම අවස්ථාවක්..
තත්පර තුන හතරක් තුළ සිදු
වෙන "අතට අත දීම" තව දුරටත් "සරළ ක්‍රියාවක්" විතරක් ම නෙවෙයි, ඒක සමහර
විට කෙනෙකුගේ ජීවිතය ම වෙනස් කරන සාධකයක්, තවත් වෙලාවකට කෙනෙකුගේ
Personality එක , confidence level එක මනින මිණුමක්. කොටින් ම කියනවා නම්
"හරි විදිහට" කළ යුතු වැදගත් ක්‍රියාවක්.
අතට
අත දීමේ " හරි විදිහ " culture එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒත් ලංකාවේ
අපට පොදුවේ භාවිතා කරන්න පුළුවන් වඩාත් සුදුසුම ක්‍රමය ගැනයි අද අපි
කියන්නේ.
දෙදෙනෙක්
අතර හමුවීමකදී ඒ අතරින් ප්‍රධානියා යි මුලින්ම අත දිගු කරන්න ඕනෙ. පිරිමි
කෙනෙක් සහ කාන්තාවක් අතර හමුවීමකදී කාන්තාව අත දිගු කරන තෙක් පිරිමි කෙනා
බලා සිටීම සුදුසු වුණත් යුරෝපා රටවල නම් මේ ගැහැණු , පිරිමි භේදය එතරම්
සලකා බලන්නේ නැහැ. Interview එකකට face කරන්න යන කෙනෙක් නම් මුලින්ම අත
දිගු නොකර, Interview board එකේ අය අත දිගු කලාට පස්සේ අත දිගු කරන එකයි
නිවැරදි ක්‍රමය.
කෙනෙකුට
අත දිගු කරන විට එයාගේ අත් වල තියෙන දේවල් ගැනත් සැළකිලිමත් වෙන්න. අත්
දෙකෙහි ම මොනවා හෝ දරා ගෙන ඉන්නවා කෙනෙකුට කිසිම විටෙක අත දිගු කරන්න එපා.
ඉඳගෙන ඉන්න වෙලාවක කවුරු හරි කෙනෙක් ඔයාට අත දිගු කලොත් මතක ඇතිව හිට ගන්න.
අතට අත දීමක ආරම්භය, අවසානය වගේම ඒ අතරතුර කළ , නොකළ යුතු දේ ගැන දැං දැනුවත් වෙමු.
අතට
අත දීමට කලිං අනෙක් කෙනාගේ අවධානය අපි වෙතට යොමු කර ගන්න පුංචි වචන දෙක
තුනක් හුවමාරු කර ගන්න. මේ අතරම ඔයාගේ දකුණු අත එයාගේ පැත්තට දිගු කරන බවත්
අඟවන්න. අනෙකාගේ අත්ල ප්‍රදේශය ඔයාගේ අත්ලේ ස්පර්ෂ වන විදිහට අතින් අල්ලා
ගන්න. ඇඟිලි වලින් පමණක් ඇල්ලීම නොකළ යුතු ම දෙයක්. අත තදින් මිරිකන්නත්
එපා. ඒත් විශ්වාසය පෙන්නුම් කෙරෙන විදිහට ශක්තිමත්ව අත අල්ලන්න.
දැං
වැලමිට ආධාරයෙන් දෙවරක් තුන් වරක් අත ඉහළට , පහළට සොලවන්න. තත්පර 2ක් ,
3ක් ඇතුලත අත් අතහරින්න. මේ වෙලාවේදී නිදහස්ව තියෙන වම් අත තමුන්ගේ පිටුපසට
කර ගන්න. කිසිම වෙලාවක වම් අත සාක්කුවේ දා ගන්න එපා. හිතවත්කම වැඩිපුර
පෙන්නන්න කියලා අත් දෙකින් ම අනෙකාගේ අත අල්ලන්නත් එපා. Shake hand කරන
වෙලාවේදී දිගට ම eye contact එක පවත්වා ගන්න.
මේ
හැම දෙයක් ම හරියට කිරීමෙන් අතට අත දීමෙන් බලාපොරොත්තු වෙන සුහදතාවය ඇතිකර
ගැනීම පහසු වෙනවා පමණක් නෙවෙයි ඔයාගේ personality එක , confidence level
එක ගැන පැහැදීමක් අනෙක් අයට ඇති වෙනවා. ඒ නිසා අතට අත දීමක් තවත් සරළ
ක්‍රියාවක් විතරක් විදිහට නොසලකා ඒ තත්පර දෙක තුන ජීවිතේ වැදගත්ම අවස්ථාව
විදිහට සලකලා කටයුතු කරන්න.
No comments:
Post a Comment
ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්