Pages

Friday, March 11, 2016

ගණිකාව යනු තවත් එක් ගැහැනියක් පමණි

අම්මී....

මගේ සුදු දූ ආවද?....

ඔව් අම්මි....

ඇයි මගේ සුදු දූ දුකින් වගේ....

අද ඉස්කෝලෙට අලුත් මිස් කෙනෙක් ආවා අම්මි...

ඒකද මේ දුකින්...

නෑ, මිස් ප්‍රශ්ණ ඇහුවා.... අම්මි තාත්තී කරන්නේ මොනවද කියලත්.... මං කිව්වා දන්නේ නෑ කියලා....  එතකොට ළමයි හිනා වුනා... කෝ අම්මි අපේ තාත්තී... අම්මි කරන රස්සාව මොකක්ද?...

මගේ සුදු ගිහින් ඇදුම් මාරූ කරගෙන එන්නකෝ.... ඉක්මනට එන්න දූට බඩගිණිත් ඇතිනේ...

හා අම්මී...
____________

හෙලෝ...

හෙලෝ නංගී මං සමන් අයියා....

ඔව් කියන්න අයියේ....

අද හවස 4 කස්ටර්මර් කෙනෙක් එනවා කිව්වා, ලෑස්ති වෙලා ඉදපං.... හොද අත්තක්, වැඩිපුරත් ගාණක් ගන්න පුලුවන් වෙයි බං...

මටදැන් මේ මගුලේ රස්සාව ඇති වෙලා තියෙන්නේ.... දවසම එක එකාගේ වහලියක් වගේ ජීවත් වෙන්න මට තවත් බෑ.... මං ආයේත් මේ රස්සාව කරන්නේ නෑ...

උබට මොනා වෙලාද වේ*** මේ එක පාරටම.... තෝ දැනගනින් තෝයී තොගේ අවජාතක දරුවයි කාලා ඇදලා ලස්සනට ඉන්නේ මේ රස්සාව නිසා කියලා... ඒ දවස් වල කන්න අදින්නවත් නැතුව ඉන්නකොට බලන්න එපැයි මේකිගේ කීකකරු කම... දැන් හරි ගියාට පස්සෙ මේකිගේ ගෑස්...

මට දැන් මේක ඇති.... මං මගේ දරුවට මොනාද කියන්නේ.... ඒ දරුවා කොහොමද ලොකු වෙලා සමාජෙට මුහුණ දෙන්නේ... තමන්ගේ අම්මා මේ වගේ ගෑණියෙක් කියලා දැනගත්තම ඒ කෙල්ලට මොනවා හිතෙයිද?....

ක්ලාස් යනවා කියලා ගිහින් එක එකා එක්ක බුදිය ගන්න කලින් උබට ඕවා හිතන්න තිබ්බේ... දැන් මෙතන එනවා හොද නරක කියලා දෙන්න.... ඒවායින් මේවයින් වැඩක් නෑ 4 වෙනකොට ලැස්ති වෙලා ඉදපං...

පන දෙන්නම් කියලා ඉදලා, බොරු ආදරයක් පෙන්නලා ගන්න ඕනෙ දේවල් අරගෙන මේ විදිහට දරුවෙක් එක්ක දාලා යයි කියලා හිතුවේ නෑ... පිරිමි ඔක්කොම එකයි උන්ගේ වාසියට තමා වැඩ....

ඌ උබව බලෙන් අරන් ගිහින් මොකුත් කරේ නෑනේ, උබත් කැමැත්තෙන් ගිහින් දැන් එනවා පිරිමින්ට බනින්න... උබ දැනගන්න එපැයි හරි විදිහට ඉන්න.... උබේ වල් කමට ගිහින් දැන් එනවා කියවන්න... අර මහත්තයා කිව්වා උබව ගෙවල් ලගින්ම අර ගන්නම් කියලා... ලස්සනට පිළිවෙලට ඇදලා පලයං....

මට බෑ දෙයියනේ, මේ රස්සාව තවත් කරන්න... මං වෙන රස්සාවක් හොයා ගන්නම්... ආයෙත් මට කරදර කරන්න එපා...

උබ වගේ වේ*** ක්ට කවුද ගැණීයේ රස්සා දෙන්නේ... උබට හරි යන්නේ මේක... දවසට දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක බුදිය ගන්න ඒ තරම් දෙයැක්යැ...

උබලා කියයි, මමනේ ඒක දන්නේ... ගැණී‍යෙක්ගේ දුක උබලා වගේ එවුන්ට තේරෙන්නේ නෑ...

උබ තමා කෙල්ලේ මට ඉන්න හොදම එකී... හැම එකාම ඉල්ලන්නේ උබව... උබට මෙ රස්සාව තරම් ගැලපෙන රස්සාවක් ආයේ ලැබෙන්නේ නෑ...

තවත් නම් මට බෑ මේක කරන්න....

අම්මී...

ඇයි මගේ සුදු දුවේ...

ටීචර් කිව්වා කොන්සර්ට් එකේ ඇදුම් ගන්න සල්ලි ගේන්න කියලා... හෙට අම්මිට ඉස්කෝලෙට එන්නත් කීවා...

හා මගේ දුවේ...

හෙලෝ... ඔය මහත්තයට කියපං වෙලාවට ඇවිත් මාව ගන්න කියලා...  වැඩි පුර ගාණක් ඕනේ අද...

මේ ඉන්නේ මගේ කෙල්ල... මහත්තයාව හොදට සතුටු කරපං හොද ගාණක් ගන්න පුලුවන් උබට... උබට මැරෙනකල්ම මේක තමා කෙල්ලේ කරන්න වෙන රස්සාව...  උබට මේකෙන් ගැලවෙන්න බෑ...
------------------

"මේ මං කතා කරන්න අකැමැතිම මාතෘකා වලින් එකක්, ඒත් වෙනසකටත් එක්ක මෙහෙම එකක් ලියන්න හිතුනා... ඉස්කෝලේ යන ක්ලාස් යන කෙල්ලොන්ට කියන්නම්  පට්ට  කෑල්ලක් වෙන්න ගිගින් අන්තිමේට පට්ට බඩුවක් වෙන්න එපා, පස්සේ දෙගොල්ලගෙම අතේ වැරදි තියාගෙන කොල්ලොන්ට විතරක් වැරද්ද පටවන්නත් එපා... විදින්න තියෙන ලස්සන ජීවිතේ පොඩි හරි දෙයක් නිසා වරද්දවා ගත්තොත් ජීවිත‍ය පුරාවටම විදවන්න වෙයි, පසු තැවෙන්න වෙයි... දෙයක්කරන්න කලින් හිතපං දෙවරක් නොව තෙවරක්"

සැ.යු: නිර්මාණාත්මක  අදහසක් මිස ගණිකාවන් හා ගණිකා වෘත්තිය සාධාරණීය කිරීමට උත්සාහ කිරීමක් නොවේ....




No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්