එක දවසක් සුරේෂ් එයාගේ Wife ට පොඩි යෝජනාවක් කළා
එක
දවසක් සුරේෂ් එයාගේ Wife ට පොඩි යෝජනාවක් කළා. “ අපි අද Dinner ගන්න එලියට
යමු“ Wife ඒකට කැමති වුණේ එක පයින්. දෙන්න බැඳලා මාස ගාණක් ගත වෙලා තවමත්
එයාලට බැරි වුණා අඩු තරමේ කෑමකටවත් එලියට යන්න. එදා සුරේෂ් වැඩ ඇරිලා කලිං ම
ගෙදර ආවා. එයාගේ Wife ගෙදර කරන්න තියෙන වැඩ ඔක්කෝම කලිං ම කරලා ඉවර කළා.
වාහනේට නැග ගත්ත දෙන්නා ම restaurant එකට යන්න පිටත් වුණේ හරිම සතුටෙන්.
සුරේෂ් Drive කරන ගමන් එයාගේ office එකේ විස්තර ගැන කියව කියව ගියා. Wife
අහළ , පහළ අයගේ විස්තරයි පවුලේ අයගේ විස්තරයි ගැන සුරේෂ් ට කිව්වා.
“දන්නවද වැඩක් , අර 4th Lane එකේ සුරනි ලා ආයෙත් අලුත් car එකක් අරං... දැං ඔය කී වෙනි එකද ? .. නේද ? “ ඒ ඕපදූපේ wife ගෙන්.
“ සුරනිලා ට ඉතිං ඇති වෙන්න සල්ලි තියෙනවානේ... මොකක්ද අරං තියෙන car එක ? “ එහෙම ඇහුවේ සුරේෂ් .
“මේ සැරේ අරං තියෙන්නේ බෙන්ස් එකක්... අනේ මන්දා කොහෙන්ද ඔය මිනිස්සුන්ට ඔය තරම් සල්ලි කියලා“ wife උත්තර දුන්නා.
“
ඇයි අනේ ඒ මිනිස්සුන්ට කලිං තිබුණෙත් බෙන්ස් එකක් නේ.. ඒකත් හොඳ ගාණකට
දෙන්න ඇති “ සුරේෂ් ගේ ඒ කතාවෙන් පස්සේ දෙන්නා අතර ඇති වුණේ මෙන්න මෙහෙම
දෙබසක්
Wife :- එයාලට කොහෙද අනේ කලින් බෙන්ස් කාර් තිබුණේ. එයාලට තිබුණේ නිකං ම නිකං ටොයෝටා කාර් එකක්...
සුරේෂ් :- මොන පිස්සුද , එයාලට කලිනුත් තිබුණේ බෙන්ස් කාර් එකක් තමයි. මතක නැද්ද අර කළු පාට එක ?
Wife :- ඔව් අනේ , මමත් කියන්නේ ඒ කළු පාට එක ගැන තමයි. ඒත් ඒක නිකං ම නිකං ටොයෝටා එකක්.
සුරේෂ් :- ඔයා ඉතිං විකාර දොඩවනවානේ. ඒ කළු පාට එක බෙන්ස් එකක්.
Wife :- විකාර දොඩවන්නේ මම නෙවෙයි , ඔයා... මටනම් හොඳටම sure ඒක ටොයෝටා එකක් කියලා.
සුරේෂ් :-
ඔයා මොනවද වාහන ගැන දන්නේ ? ඔයා try කරන්නේ මටත් වඩා ඔයා වාහන ගැන දන්නවා
කියලා පෙන්නන්න නේ. ඔයා අඩු ගාණේ අපේ වාහනේ මොකක්ද කියලා වත් දන්නවද?
සුරේෂ් ගේ ඒ කතාවට නම් wife ට තරහා ගියා.
Wife :-
ඔව් , ඔව් , ඔයා තමයි ඔක්කොම දන්නේ, මම මොකුත් දන්නේ නැහැ. ඔයා හිතාගෙන
ඉන්නේ මම මොකුත් නොදන්න බබෙක් කියලනේ. ඔයා හැමදාම කරන්නේ මාව පහත් කරලා
සලකන එකයි.
සුරේෂ් :- ඔයානේ දන්නේ නැති පණ්ඩිත කතා කියල ඔයාගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ. වාහන ගැන දන්න කෙහෙල්මලකුත් නෑ. ඒ වුණාට පණ්ඩිත කමේ අඩුවකුත් නෑ.
Wife :-
ඔව් , ඔව් , මගේ පණ්ඩිතකම නිසා තමයි ඔයත් අද ඔතන ඉන්නේ. මෙච්චර කාළයක් මම
හොඳට හිතලා වැඩ නොකලා නම් ඔයාට අද ඔතන ඉන්නත් බැරි බව හොඳට මතක තියා ගන්න.
සුරේෂ් :- මොකද්ද ඒ කතාවේ තේරුම . තමුසේ හිතන්නේ මම මේ තැන ඉන්නේ තමුසේ නිසා කියලද? එහෙනම් තමුසෙට වැරදිලා...
මේ
දෙන්නා අතර මීට පස්සේ වෙච්ච කතා බහ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒත්
අන්තිමට සිද්ධ වුණේ කිසිම අදාලත්වයක් නැති කාර් එකක් ගැන කතා කරන්න ගිහින්
dinner ගන්න යන එකත් නවත්තලා දෙන්නත් එක්ක ආපහු හැරිලා ගෙදර ආපු එකයි.
අපේ
ජීවිත වලත් මේ වගේ කිසිම අදාලත්වයක් නැති දේවල් නිසා මොන තරම් අනවශ්‍ය
ගැටුම් ඇති වෙනවද කියලා හිතන්න මේ කතාවත් අපට උදව් වේවි. එහෙම නේද ?
No comments:
Post a Comment
ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්