ලෝක ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය කුමාර් සංගක්කාරට හිමිව තිබේ.ලෝක ක්‍රිකට් සභාවේ මෙවර සැසිවාරය ඊයේ සහ පෙරේදා පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදීය.මෙහිදි කුමාර් සංගක්කාරට නිල වශයෙන් සභාවේ සාමාජිකත්වය පිරිනමා තිබේ.
මෙම සාමාජිකත්වය ලබා ගැනීමට සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම හැකියාව නොලැබේ.එම පියවර ගැනෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යම් ක්‍රීඩකයෙකු කළ සේවාව පිළිබඳව සභාවේ ජෙෂ්ඨ සාමාජිකයින් සොයා බැලීමෙන් අනතුරුවය.
ලෝක ක්‍රිකට් සභාවේ සභාපති මයික් බ්‍රියෙලිගේ ඉල්ලීම මත සභාවේ සාමාජිකත්වය ලැබුණු බවත් එම අවස්ථාවේදී තමන් විශ්මයට පත්වූ බවත් කුමාර් සංගක්කාර මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
සංගක්කාරට පෙර ලෝක ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය හිමි කර ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා මයිකල් තිසේරා වේ.
No comments:
Post a Comment
ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්