Pages

Friday, November 25, 2011

►නෞකා එන්ජිම සහ මහලු මිනිසා◄



ඉතා විශාල මගී ප්‍රවාහන නෞකාවක එන්ජිමේ දෝශයක් නිසා එය ක්‍රියා විරහිත වුනා. නෞකාවේ හිමිකරුවන් රටේ ඉන්න නෞකා පිලිබද විශේෂඥ්‍ය ඉංජිනේරුවන් සියල්ලගේම සහය ලබා ගත්තත් ඒ කාටවත් එන්ජිම යලි ක්‍රියා කරවීමට නොහැකි වුනා.

බලාපොරොත්තු සුන් වූ නෞකා හිමිකරුවන් අවසානයේ මහලු මිනිසෙක් රැගෙන ආවා. ඔහු ඉතා කුඩා වියේදී සිටම නෞකා එන්ජින් පිලිසකර කර ඇති අතර ඔහු පිලිබද ක්‍ෂේත්‍රයේ තිබුනේ ගෞරවයක්.

ඉතා විශාල ආයුධ සහිත බෑගයක් ඔහු රැගෙන ආ අතර පැමිනි විගස ඔහුගේ වැඩ කටයුතු ආරම්භ කලා. ඔහු එන්ජිම ඉතා හොදින් පරීක්ශා කලා. නෞකාවේ හිමිකරුවන් දෙදෙනෙකුත් ඔහුත් සමග දිගටම රැදී සිටියේ මහලු මිනිසා නෞකා එන්ජිමට හානි කරාවියැයි බියෙන්.සියල්ල ඉතා හොදින් පරීක්ශා කල පසු සෙමින් තමන්ගේ ආයුධ බෑගය ලගට ගිය ඔහු ඉන් කුඩා මිටියක් එලියට ගත්තා.එන්ජිම ලගට පැමිනි ඔහු ඉතා සෙමින් සියුම් මිටි පහරක් එන්ජිමේ යම් තැනකට එල්ල කලා.මහත් ශබ්දයක් පිට කරමින් එන්ජිම ක්‍රියාත්මක වුනා.

මහලු මිනිසා විසින් නෞකා එන්ජිම පිලිසකර කර තිබුනා.

සතියකට පසු මහලු මිනිසා ඔහුගේ බිල නෞකා හිමියන්ට එව්වා. එය ඩොලර් 10000ක්.

"
මොනවා"....ඔවුන් පුදුමයෙන් කෑ ගැසුවා.

"
ඔහු ලොකු දෙයක් කලේ නෑ... ඔහු කල එකම දෙය කුඩා මිටි පහරක් එල්ල කිරීම පමනයි"

ඉතින් නෞකා හිමිකරුවන් යලිත් මහලු මිනිසාට පිලිතුරු ලිපියක් යවා විස්තර සහිත බිල් පතක් ඉල්ලා සිටියා.

මහලු මිනිසා පිලිතුරු ලෙස විස්තර සහිත බිල්පතක එවා තිබුනා.
.
.
.
.
.
.
එන්ජිමට කුඩා මිටි පහරක් එල්ල කිරීම........................ඩොලර් 2
මිටි පහර එල්ල කල යුතු ස්ථානය හදුනා ගැනීම...............ඩොලර් 9998

යමක් සදහා උත්සාහ කිරීම වැදගත් වන අතර උත්සාහය යෙදවිය යුතු තැන නිවරදිව හදුනා ගැනීම ඉතා වැදගත් වේ!!!

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්