Pages

Sunday, November 20, 2011

≈ ලොවෙත් නැති අපේ A/L ගීතය ≈



පන්ති යන්න සල්ලි දෙන්නෙ 
හැමදාමත් බැණ බැණ 
පාඩම් කරපල්ල පුතේ 
මේව නෙවේ බණ බණ 
පන්ති ගිහින් ඉගන ගන්නෙ 
වලක් දෙකක් පැන පැන 
පොඩි වලියක් දාගත්තොත් 
එකක් දෙකක් ඇණ ගෙන 
මේව දැකල සර් කිව්වෙ 
ඔවා පුතේ අණ විණ 
ඔහොම ගියොත් ඉවර වෙන්නෙ 
A/L
ලුත් ඇණ ගෙන 

අපේ එහා ගෙදර එකා 
බලන් ඉන්නෙ මං ගැන 
මුළු ඉස්කෝලෙම එවුනුත් 
කතා කරයි අපි ගැන 
අපිට ගහල ගුටි කෑ අය 
හිනා උනා බැණ බැණ 
ගමේ ගොඩේ පාරෙ තොටේ 
title
එක අපි ගැන 
පාඩම් වැඩ මුකුත් නැතිව 
fail
වෙනව දැන දැන 
පිස්සු කෙලින අපේ දිහා 
බලන් ඉන්න සැමදෙන 
අපේ result ආවොත් යයි 
බලන්න නම් පැන ගෙන 

මෙහෙම ගියොත් කවදාහරි 
අපි ඉවරයි දැන ගෙන 
පාඩම් කරපල්ල ඉතින් 
ටික ටික හරි අරගෙන 
bio, pure, accounts, arts 
මේව අතරෙ තනි උන 
අපේ ලෝකෙ කවදා හරි 
ගොඩ යනවා සිතමින 
කෙල්ලො දිහා බලලා 
අපි බීලා මත් වීගෙන 
දවසක්වත් නෑ මට නම් 
ඒවා කරෙ නාගෙන 
කවදාහරි කෙල්ලත් නෑ 
සල්ලිත් නෑ බීගෙන 
ඉන්න එවුන්ටත් කියපන් 
campus
යමු "A" ගෙන
නැත්තම් බං අපිට වෙන්නෙ 
ඉන්නට ()රීගෙන...

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්