වසර 1870 දී ඇමරිකා එක්සත් ජනපදයේ විසූ අතිදක්‍ෂ ඉංජිනේරුවෙකු වූ ජෝන් රෝබ්ලින්ග්ට ඉතා නිර්මාණාත්මක අදහසක් පහල වුනා. එය නම් නිව්යෝර්ක් නගරය සහ ලෝන්ග් අයිලන්ඩ් දූපත යා කරමින් විසිතුරු පාලමක් නිර්මාණය කිරීමේ අදහසයි. පාලම් සෑදීම පිලිබදව ලොව පුරා සිටි විශේෂඥ්‍යන් මෙය කවදාවත් ඉදි කල නොහැකි පාලමක් බව පැවසූ අතර රෝබ්ලින්ග්ට ඔහුගේ අදහස අත් හරින මෙන් අවවාද කලා.
නමුත් රෝබ්ලින්ග්ට ඔහුගේ සිතේ වූ අදහස අමතක කිරීමට නොහැකි වුනා. ඔහු සෑම මොහොතකම මේ පිලිබදව කල්පනා කල අතර ඔහුගේ සිතේ ඈත කොනක මෙය කෙදිනක හෝ ඉදිකිරීමට හැකිවන බවට මහත් විශ්වාසයක් තිබුනා. ඔහුට තිබුන එකම අවශ්‍යතාවය වුනේ ඔහුගේ මේ සිහිනය කිසිවෙකු හෝ සමග බෙදා හදා ගැනීමයි. අවසානයේ මහත් ප්‍රයත්නයකින් පසු ඔහුගේ පුත්‍රයා වන තවත් තරුණ ඉංජිනේරුවෙකු වූ වොෂින්ටන්ට මෙම පාලම කෙදිනක හෝ සාදා නිම කිරීමට හැකි බව ඒත්තු ගැන්වීමට ඔහු සමත් වුනා.
ජීවිතයේ ප්‍රථම වරට එක අරමුනක් වෙනුවෙන් වෙහෙස වූ පිය පුතු දෙපල පාලම සෑදීමට සහ මතුවන බාදක ජයගැනීමට අවශ්‍ය නොයෙකුත් සංකල්ප දියුණු කලා.මහත් වූ උද්‍යෝගයෙන් යුතුව මහත් වූ බලාපොරොත්තු සිතේ දරා ගත් ඔවුන් තමන් ඉදිරියේ වූ ඒ මහා අභියෝගය ජය ගැනීම සදහා අවශ්‍ය වූ පිරිස් බදවා ගෙන පාලම තැනීමේ කටයුතු ආරම් භ කලා.
මුල් සති කීපයේදී පාලම සෑදීමේ කටයුතු ඉතා හොදින් කෙරුනා. නමුත් එක් දිනයක සිදු වූ අවාසනාවන්ත හදිසි අනතුරකින් ජෝන් රෝබ්ලින්ග් අවසන් සුසුම් හෙලුවා. ඔහුගේ පුත්‍රයා වූ වොෂින්ටන්ද මෙම අනතුරින් දරුණු ලෙස තුවාල ලැබූ අතර ඒවයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට කතා කිරීමේ සහ ඇවිදීමේ හැකියාව නැති වුනා.
"අපි ඔවුන්ට කිව්වා ඕක වෙයි කියලා-පිස්සු මිනිස්සුන් ගේ පිස්සු අදහස්" සියලු දෙනා පැවසුවා.
පාලම සෑදීම පිලිබද සියලු කරුනු දැන සිටියේ රෝබ්ලින්ග් සහ වොෂින්ටන් නිසා සියලු දෙනාගේම අදහස වුනේ නැවතත් මෙම පාලම සෑදීමේ කටයුතු ආරම්භ කිරීම කල නොහැක්කක් බවයි.
නමුත් දැන් ආබාධිතයෙකු වී සිටින වොෂින්ටන් ඔහුගේ අබාධිත තත්වය නිසා පසුබට නොවූ අතර ඔහු තුල තවමත් පැවති දැවෙන ආශාව වූයේ පාලම සාදා නිම කිරීමයි. ඔහු තුල පැවති බලවත් උද්‍යෝගය මත ඔහුගේ මිතුරන් කීප දෙනෙකුවම පාලමේ කටයුතු ඉදිරියට ගෙන යාමට කැමති කරවා ගැනීමට උත්සාහ කලත් ඒ වෑයම සාර්ථක වුනේ නෑ. ඔවුන් සියලු දෙනා එවැනි භාරදූර කාර්යකට අත ගැසීමට බියවුනා.ඒත් පාලම සාදා නිම කිරීමට මොහුගේ තිබූ අධිෂ්ඨානය ඉන් නැති වුනේ නෑ.
දිනක් මොහු රෝහලේ ඇද මත සිටින විට තමන්ගේ අතේ එකම එක ඇගිල්ලක් පමනක් සෙලවිය හැකි බව මොහුට පෙනුනා. මොහු එයින් උපරිම ප්‍රයෝජනය ගැනීමට සිතා තම බිරිදගේ උපකාරය ඇතුව තමන්ට සහ බිරිදට අදහස් හුවමාරු කර ගත හැකි සංඥා භාශාවක් දියුණු කර ගත්තා.
දිනක් මොහු තම ඇගිල්ලෙන් තම බිරිදගේ අත ස්පර්ෂ කල අතර ඉන් කියවුනේ තමන්ට තම ඉංජිනේරුවන් හමු විය යුතු බවයි. ඉංජිනේරුවන් හමු වූ පසුවත් සංඥා ක්‍රමය උපයෝගී කරගෙන තම බිරිදගේ උදව්වෙන් ඔවුන් හා අදහස් හුවමාරු කර ගත් ඔහු සිදු විය යුතු දේ ඉංජිනේරුවන්ට පැහැදිලි කලා. මුලදී එය මෝඩ අදහසක් බව පෙනුනත් පාලමේ වැඩ කටයුතු නොනැවතී සිදු වුනා.
වසර 13ක් පුරා වොෂින්ටන් තම ඇගිල්ලෙන් බිරිදගේ අත ස්පර්ෂ කල අතර බිරිද ඔහුගේ අදහස් ඉංජිනේරුවන්ට ලබා දුන්නා. අවසානයේ තැනීමට නොහැකි යැයි පැවසූ පාලමේ වැඩ කටයුතු අවසාන වුනා.එය බෲක්ලින් පාලම ලෙස නම් කල අතර...
අද බෲක්ලින් පාලම,
►එක මිනිසෙකුගේ යටපත් කල නොහැකි වූ ආත්ම ශක්තිය සහ පැමිනෙන බාධක වලින් නොසැලුනු අධිෂ්ඨාන ශක්තියටත්
►ඉංජිනේරුවන් පිරිසකගේ කණ් ඩායම් හැගීමටත්..ලොවෙන් භාගයක් දෙනා පිස්සෙකු ලෙස සැලකූ මිනිසෙක් මත තැබූ විශ්වාසයටත්
►වසර 13ක් පුරා තම ස්වාමි පුරුෂයාගේ පණිවිඩ විකේතනය කල උදාර භාර්යාවකගේ ආදරයට සහ කැප කිරීමටත්
ආචාර ලෙස විසිතුරු ලෙසත් උදාර ලෙසත් නැගී සිටියි.
එදිනෙදා ජීවිතයේදී අපට මුහුන දීමට සිදුවන බොහෝ බාධක තවත් සමහර මිනිසුන්ට මුහුන දීමට සිදුවන බාධක සමග සන්සන්දනය කිරීමේදී ඉතා කුඩා ඒවාය.
බෲක්ලින් පාලම අපට නිහඩව පෙන්වා දෙන්නේ සැබෑ කර ගැනීමට අපහසු යයි අපට පෙනෙන සිහින දැඩි අධිෂ්ඨානය සහ අප්‍රහිත ධෛර්ය මගින් කුමන බාධක මැද වූවත් සැබෑ කර ගත හැකි බවයි.
No comments:
Post a Comment
ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්