Pages

Tuesday, May 29, 2012

පාසැල් කාලයේ සිදුවූ ඒ සොඳුරු අත්දැකිම් මතකද ?



බොහොම භයානකම ශබ්දය - උ‍දේ පාන්දර ‍පළමු සීනුව

අපහසුම වැඩේ - ළමුන් ඉදිරියේ බැනුම් ඇසීම / ගුටි කෑම

භයානකම ගමන් මාර්ගය - පන්තිකාමරයට යන පාර

ආසම වැඩේ - කට්ටිය සමග කදේ වැටීම

බොහොම දුක්ඛදායකම මොහොතක් - නොසිතූ ලෙස පළමු පරිච්ඡේදයේ ටෙස්ට් එකක්

අහන්න ආසම ශබ්දය - විවේක කාලය සදහා සීනුව

අහන්න ආස හොදම නිවුස් එක - " අද මිස් නෑ "

එපාම වෙන වැඩේ - උදේ පාන්දරම සර්ගෙන් ගුටි කෑම ( පරක්කු වෙලා ආවම )

කරන්න ආසම වැඩේ - කාල පරිච්ඡේදය තුල නින්දක් දැමීම

කැමතිම කාල වකවානුව - නිවාසාන්තර ක්‍රී‍‍ඩා කාලය

උනන්දුවෙන්ම කරන වැඩේ - පීරියඩ් කට් කිරීම

කරපු බොරුම වැඩේ - ටීචර් තේරුනාද අහපුවාම " ඔව් " කීම

බෑ කියල හිතිල කරන්නම උන වැඩේ - උදේ සමිතියේදි කතාව කරන්න සිද්ධ වීම

ඔළුවෙන් හිටගන කිවුවත් නොකරපු වැඩේ - විභාගයට සතියකට දෙකකට කලින් පා‍ඩම් කිරීම

නොකිවුවත් කරපු වැඩේ - ඉන්ටවල් එකට කලින් කෑම ඔක්කොම කාලා දැමීම

මතක් උනත් ආස වැඩේ - යහළුවන් අතර " පොරක්" වීම

ඉදලා හිටලා ඇගේ හිරි ඇරගන්නත් එක්ක වලියක් දමාගැනීම

තනි ඇහෙන් ඇඩුන අවස්ථා - පංති කට් කර ඇවිදිමින් සිටින විට ප්‍රින්සිපල් කොහෙද ඇවිදින්නේ ඇසීම / පීරියඩ් එකේදී නින්ද ගොස් සිටින විට හුණු කොට්ටය විත් මූනේ වැදීම

ලෝක විනාසයක් සිදුවනවා සේ දැනීම - ප්‍රින්සිපල්ගෙන් ගුටි කෑම

කැමතිම ස්ථාන - කැන්ටිම / විද්‍යා පරීක්ෂනාගාරය / පොදු ටැප් එක / නළ ලිද

අකමැතිම ස්ථාන - විදුහල්පති කාමරය / අවුව වැටෙන දණ ගහපු තැන් / තාප්පය

දුකම කාල වකවානුව - පාසලෙන් සමුගන්නා කාල වකවානුව

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්