Pages

Tuesday, December 6, 2011

ජාතිය අඳුරු රැයකදී තනි වෙලා ඇතේ


ජාතිය අඳුරු රැයකදී තනි වෙලා ඇතේ
දේශය රකින මග පෙන්වන අයෙකු නැතේ 
යන්නට නොදී හෙළයට හිස හැරුණු අතේ
සවියක් වෙලා යලි ඉපදෙනු ගැමුණු පුතේ 

ජාතිය නඟා සිටුවන්නට යුධ වැදුණු 
නුඹේ විරු අසිපතින් ජාතිය නීති රැකුණු 
ලෝකෙන් උතුම් රට යැයි එදා නම රැඳුනු
සයනෙන් නැගිට යලි එනු මැන දෙටු ගැමුණු 

ජාතිය මෙලෙස ගියෝතින් යලි යයි වැනසී 
හිඳීමීද කෙලෙස වාවාගෙන මම සැනසී
වේලු සුමන මම වෙමී ඔබ එනු සැරසී
වෙහෙර මවුන් හට සැතපෙනු දී සැනහී
..

1 comment:

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්