Pages

Sunday, May 29, 2011

මොකද්ද මේ තාක්ෂනය, JAVA, හා JAVA තාක්ෂනය ?


මුලින්ම තාක්ෂනය (Technology) සම්බන්දව සරල අදහසක් 
තාක්ෂනය ප්රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. දෘඩ තාක්ෂනය හා මෘදු තාක්ෂනය  වශයෙන්. එනම් Hard Technology හා Soft Technology හැටියට. දෙවන ලෝක යුද්දය අවසන් වනවාත් සමගම ඇති වුන කාර්මික විප්ලවයත් සමග ප්රධාන වශයෙන් දියුණු වුනේ යන්ත් සුත් හරහා දියුණු වුන දෘඩ තාක්ෂනය.  පසු කාලීනව මෙම යන්ත් සුත් ස්වයංක්රිය කරණය කිරීමට අවශ්යතාවය මතු වෙන්න පටන් ගත්තා. මේ සඳහා තමයි පරිගණක යොදා ගන්න පටන් ගත්තේ. පරිගණක භාවිත කරලා යන්ත් සුත් වලට විධාන දෙන්න මෘදුකාංග වල අවශ්යතාවය ඇති වෙන්න පටන් ගත්තේ ඉන් පසුව. යන්ත් සුත් ඉතාම කාර්යක්ෂමව ක්රියා කරවීම සඳහා මෘදුකාංග ඉතාම දියුණු තත්වයකට පත් කිරීමට සිදු උනා. මේ නිසා මෘදුකාංග නිර්මාණය පරිගණක භාෂාවකින් පමණක් කල නොහැකි තත්වයකට පත් උනා. 

මෘදුකාංග නිර්මාණය කොහොමද මෘදුකාංග තාක්ෂණයක් උනේ?
කොතරම් ප්රබල පරිගණක භාෂාවන් ලොව බිහි උනත් ඉතාම කාර්යක්ෂම මෘදුකාංගයක් නිර්මාණය කිරීම සඳහා තව නොයෙකුත් අංගෝපාංගයන් මේ සඳහා යොදා ගැනීමට සිදු උනා. උදාහරණ ලෙස මෘදුකාංගයක සැලසුම සකස් කර ගැනීම සඳහා UML, පරිගණක භාෂාව ස්වයන්ක්රියව හැසිරවීම සඳහා IDE එකක්,  දත්ත ගබඩා කිරීම සඳහා වෙනම දත්ත ගබඩාවක් (Datebase ) මින් කිහිපයක් පමණයි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෘදුකාංගයක් නිර්මාණය කරනවා කියන්නේ නිර්මාණ රාශියක එකතුවක් බව. මෙවැනි නිර්මාණ රාශියක සංකලනය මෘදුකාංග තාක්ෂනය එහෙමත් නැත්නම් මෘදු තාක්ෂනය ලෙස එලි දැක්වුණා. 

මෘදුකාංග තාක්ෂනය ගැන තව දුරටත් පැහැදිලි කර ගනිමු
උදාහරණයක් හැටියට ජංගම දුරකතනයක් ගැන හිතමු. එය නිර්මාණය කරලා තියෙන්නේ  ප්ලාස්ටික් හා නොයෙකුත් ලෝහ වර්ග වල සංකලනයක් හැටියට. එනම් දෘඩ තාක්ෂණික උපකරණයක් හැටියට තමයි ජංගම දුරකතනයේ මුලික සැකැස්ම බිහිවන්නේ. මෙම දුරකතනයට ජීවයක් දෙන්න තමයි මෘදුකාංග තාක්ෂණයේ  අවශ්යතාවය මතු වෙන්නේ. මෙම ජංගම දුරකථනය තුලට ඇතුලත් කරන මෘදුකාංගය නිසා තමයි අපිට ලෝකේ එහා කොනේ ඉන්න තව කෙනෙක් එක්ක සම්බන්ද වෙන්න පුළුවන් වෙන්නේ. අද ලෝකයේ සියලුම තාක්ෂනයන් මෘදු තාක්ෂනයන් හා දෘඩ තාක්ෂනයන් දෙකේ එකතුවක් විදියට තමයි බිහිවෙන්නේ.


අද වෙළඳපොලේ දෘඩ තාක්ෂණික නිර්මාණවල මිල ඉතාම අඩුයි..
දෘඩා තාක්ෂණයෙන් නිර්මාණය කරන කොටසේ වටිනාකම අද ඉතාම අඩු අගයකට පත් වෙලා. උදාහරණයක් ලෙස ඕනෑම ජංගම දුරකතනකයක දෘඩා සැකැස්ම රුපියල් 500 කට වගේ අඩු ගණනකට චීනයේදී මිලදී ගන්න පුළුවන්. නමුත් එම දෘඩා සැකැස්මට මෘදුකාංගයක් ඇතුලත් කරපුවාම එම දුරකතනයේ වටිනාකම ලක්ෂ ගණනක් උනත් වෙන්න පුළුවන්. ඒකට ප්රධාන හේතුව තමයි දෘඩා සැකැස්ම යන්ත්රානුසාරයෙන් ස්වයන්ක්රියව නිර්මාණය කිරීමට හැකියාව තිබීම. නමුත් මෘදුකාංගයක් නිර්මාණය කරන්න කාලාන්තරයක් තිස්සේ ප්රගුණ කරන ලද මිනිස් මොලයක් අවශ්යමයි. අති ප්රබල මෘදුකාංග නිර්මාණය කරන්න පුළුවන් මිනිස් මොළ හදන එක එතරම් ලෙහෙසි පහසු කාර්යක් නෙමෙයි. එක පුද්ගලයෙක් පුහුණු කරන්න වසර ගණන් ගත වෙනවා. එවැනි දක්ෂ මෘදුකාංග ශිල්පීන්ගේ විශාල අඩුවක් සම විටම ලෝකයේ පවතින්නේ. මෘදුකාංග ශිල්පීන්ට තියෙන දැඩි ඉල්ලුම නිසා ඔවුන්ගේ වැටුප් ඉතාම ඉහල අගයන් ගන්නවා.  මේ නිසා ඔවුන් නිර්මාණය කරන මෘදුකාංග වල වටිනාකම ඉතාම ඉහල මිල ගණන් වලට අලවි වෙනවා. 


මෘදුකාංගයක පිටපතක් හදන්න සතයක්වත් වැය වෙන්නේ නැ..
අපි හිතමු අති දක්ෂ මෘදුකාංග ශිල්පියෙක් ජංගම දුරකතන සඳහා ප්රබල එක මෘදුකාංගයක් නිර්මාණය කලා කියල. එහි වටිනාකම රුපියල්  ලක්ෂයක් කියල. මේ මෘදුකාංගයේ පිටපත් ලක්ෂ ගණනක් උනත් අලෙවි කරන්න පුළුවන්. පිටපතක් නිර්මාණය කරන්න සතයක් වත් වැය වෙන්නේ නැ. නිසා එම නිර්මාණය කරන මෘදුකාංග ශිල්පියාට හෝ එම ආයතනයට මිලියන ගණන ගෙවන්න ජංගම දුරකථන නිෂ්පාදන ආයතන සුදානම්ව සිටිනවා.  
එනිසා එවැනි ප්රබල මෘදුකාංග නිර්මාණය කරන්න පුළුවන් වෘත්තිකයන්ගේ වැටුප් හා අදායම් තව තවත් වැඩි වෙනවා.   

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්